සුගියදා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුදුවෑන් පැහැරගැනීම් කළ බවට චෝදනා සහිත නේවි සම්පත්ට රැවරණය ලබාදීමේ චෝදනාවක් නිසා හිටපු නාවික හමුදාපති හා වර්තමාන ආරක්ෂක මණ්ඩල ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව අත්අඩංගුවට ගෙන
අධිකරණයට ඉදිරිපත් කරන්නට

සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ දැනුම් දී ඇත.

අපරාධකරුවන්ට නවාතැන්දීම, රාජ්‍ය නිලධාරියෙකුට බාධා කිරීම යන චෝදනා යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 209,174,183 වගන්ති ප්‍රකාරව හිටපු නාවික හමුදාපති හා වර්තමාන ආරක්ෂක මණ්ඩල ප්‍රධානී විජේගුණරත්න වරදක් කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී දැනුම් දී ඇත.

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු සුදුවෑන් මගින් පැහැරගෙනගොස් අතුරුදන් කිරීමේ නඩුවේ ප්‍රධාන සැකකරු ලුතිනන් චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චි හෙවත් නේවි සම්පත් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නට සූදානම්ව සිටි අවස්ථාවක ඔහුට නාවික හමුදා මූලස්ථානයේ සැඟවී සිටීමට විජේගුණරත්න මහතා රැකවරණය සපයා තිබේ. මේ බව ඔහුගේ කාමරයට යාබද කාමරයක නාවික හමුදා නිලධාරියෙකු සාක්ෂි සපයා තිබේ.

මීට ටික කලකට පෙර හම්බන්තොටදී මාධ්‍ය වේදියෙකුට ප්‍රසිද්ධියේ අසභ්‍ය වදනින් බැණවැදී ඔහුට පහරදීමේ සිද්ධියක් නිසාද හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න අන්දෝලනයට ලක්ව සිටියේය.