වවුනියාව සතොස වෙළඳසලේ සීනිවලට යුරියා කලවම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සතොස සේවකයන් දෙදෙනකුගේ සේවය පෙරේදා (4දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ඊට
අමතරව සතොස
පැමිණිල්ල ලද වහාම වවුනියාව සතොස වෙළෙඳසලේ ඇති සීනි තොග පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කළ අතර සතොස සේවකයන් පවසා ඇත්තේ පාරිභෝගිකයන් විසින් සීනි රැගෙන යැමට ගෙන එන ලද මලුවල සූරියා පොහොර තිබෙන්නට ඇති බවයි. සතොස වෙළඳසල පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඒ තුළ තිබී යූරියා පොහොර අඩංගු බෑගයක් පොලිසියට හමුවී ඇති අතර සතොස සේවකයකු පෞද්ගලික අවශ්‍යතාවකට එය රැගෙන විත් නිවෙසට ගෙන යන අතරතුර පොහොර තොගය එහි තැබූ බව පොලිසියට පවසා තිබේ.
-රසාදි චතුරංගි ගමගේ-