මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ ගසකට නැග විරෝධතාවක නිරත වූ අයකු පසුගිය 30 වනදින දහවල් 11ට පමණ මාවරල පොලීසිය භාරයට ගෙන ඇත. මාවරල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක අනුර මුලපිට මහතා පැවැසුවේ "පුද්ගලයාගේ ආරක්ෂාව ගැන පැවැති අවදානම සලකා,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකවල්කරුවකුගේ පැමිණිල්ලට අනුව එම අය පොලිස් භාරයට ගත් බවයි.
මෙසේ පොලිස් භාරයට පත් වූයේ පල්ලවෙල වළාකුළු කැටිය පදිංචි හේවා වලිමුණිගේ සුජිත් සම්පත් (30) නමැති අයෙකි. ඉඩම් ආරාවුලක් පිළිබඳ දෙපාර්ශ්වයක්, එ දින පෙරවරුවෙහි මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූහ. එක් පාර්ශ්වයක අයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ තැඹිලි ගසක මුදුනට නැග සිටියේය.
පල්ලවෙල ග්‍රාම නිලධාරී වසමෙහි වළාකුළුකැටිය නමැති ඉඩම මෙම ආරවුලට සම්බන්ධ
ගෙයක් සෑදීමට ඉඩ නොදීමටත් ප්‍රාදේශීය ලේකම් කටයුතු කරන බවය.ගසකට නැග ඇත්තේ මොහුගේ පුත්‍රයායි.
විරෝධතාවයේ නිරත වන පාර්ශ්වයේ ජී.එම්. ජයතිස්ස (51) මහතා කියා සිටියේ "තම නිවසට යන පාර අවහිර වන සේ ගුණසිරි මහතා ඉදි කරන නිවස ඉවත් කර පාර ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවය. මේ දෙදෙනාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රවේශ දොරටුව දෙපස සිට පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ. මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු හෙළිකළ ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේද කීය. මෙම ඉඩම ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාවන්ට අනුව නාය යන ඉඩමක්. මෙහි ගෙයක් හදාගෙන සිටි ගුණසිරි මහතාගේ පුතාට රුපියල් ලක්ෂ 16ක ආපදා මුදලක් ලබා දී අනාරක්ෂිත ස්ථානයෙන් ඉවත් කළා. 30 වන දින ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ඉංජිනේරු මහතා කැඳවා නැවත වාර්තාවක් ගැනීමට පියවර ගත්තා.
-එම්.පියසේන-