ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශයේ මඩහපොළ, දම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ දම්පිටිය ප්‍රදේශයේ පදිංචි එස්.ඒ. කල්‍යාණි නම් කාන්තාවය.
ත්‍රිරෝද රථයෙන් බිමට වැටීම නිසා ඇයගේ වම් උර පත්ත පිපිරී ඉළ ඇට තුනක් කඩි ඇති අතර කුරුණෑගල ශික්‍ෂ ණ රෝහලේ දින 2ක් නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. එසේ වුවද තවමත් නිසි ලෙස සුවය ලබා නොමැති ඇය දේශීය කැඩුම් බිඳුම් වෛදවරයකු වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවකදී අපට මුණගැසිණි. ඇය ප්‍රධාන මාර්ගයේ පා ගමනින් නිවෙස වෙත යමින් සිටියදී සමිපයේ
නාඳුනන ත්‍රිරෝද රථවල ගමන් කිරීමේදී විශේෂයෙන්ම කාන්තාවන් විමසිලිමත් විය යුතු බව පෙන්වා දෙන කල්‍යාණි මහත්මිය තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළාය. "මම සරක්කු තුන - පහ කොටන්න පසුගිය ජුනි මාසේ 19 වැනිදා ගෙදර ඉදලා කිලෝමීටර් දෙකක් විතර දුර මඩහපොළ මෝලට ගියා. ඒවා කොටලා ඉවර වෙලා ඒ වෙලාවේ බස් එකක් ආවේ නැති නිසා මම පයින් ඇවිදගෙන ආවේ. මම ටික දුරක් එද්දී කොළ පාට ත්‍රීවීල් එකක් මාව පසු කරලා නවලා ඇන්ටි කොහාටද යන්නේ කියලා ඇහුවා. මම කිව්ව
දෙන්නම් අවුරුදු 23-25 වගේ වයසේ ඉන්න ඇති. විනාඩි දහයක් විතර යද්දී අපේ ගෙවල් ළඟට ආවා. මම කිව්වා ඔය ඉස්සරහ ගේ ළඟින් බහිනවා කියලා. ඒත් ත්‍රීවීල් එක නවත්තන් නැතුව දිගටම ගියා. මම කෑ ගහදී කෑ ගහන්න එපා මරනවා කියලා පිටි පස්සේ හිටිය කෙනා එක අතකින් මගේ කට වහලා අනික් අතින් මගේ අත් දෙක අල්ල ගත්තා. ඒ අතරේ එයා මගේ මාලේ කඩා ගත්තා. ඒක පෙන්ඩන්ට් එකත් එක්ක පවුම් දෙකක් බරයි. ඒ අතරේ එයා මාව ත්‍රීවීල් එකෙන් එළියට තල්ලු කරන්න හැදුවා. මම පිටි පස්සේ කණුව තදින් අල්ලගෙන හිටිය නිසා එළියට විසි වුණේ නැහැ, ඊට පස්සේ එයා මට පයින් ගැහුවා. ඒ පාරින් මම වේගයෙන් යමින් තිබුණු ත්‍රීවීල් එකෙන් එළියට විසිවුණා. ඒ වෙලාවේ පාරේ වෙන වාහන ගියෙත් නැහැ. මම පාර අයිනේ වැටිලා නැගිටින්න බැරුව කෑගැහුවා. ඒ හරියේ ටිකක් දුරින් ගෙවල් තියෙන්නේ, කොහොම හරි ඒ ළඟ ගෙදරක නංගි කෙනකුට සද්දෙ ඇහිලා දුවගෙන ආවා. ඒ අය මාව අදුනනවා. ඒ අය මාව පොල්ගොල්ල දිසා රෝහලට අරන් ගියා. එතැනින් කුරුණෑගල රෝහලට යැව්වා. ගොකරැල්ල පොලිසියෙන් පරීක්‍ෂණයක් කළා. නමුත් හරියට කෙනෙක් අල්ල ගන්න බැරි වුණා.
-කේ.පී.සුනිල්-