එහි නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ජේ. ඉදිපොල මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් මිලියන 17ක් පමණ වන බව ය.
දුම්රිය සේවක
දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරීවරයා සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇති මගීන්ට මුදල් ආපසු ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව ය.
මේ අතර අද දිනයේ ඉන්ධන දුම්රියක් සහ මගී දුම්රියක් ධාවනය කෙරිණි.
එම දුම්රියන් ධාවනය වූයේ ඉන්ධන රැගෙන කටුනායක ගුවන්තොටුපොළට සහ මගීන් රැගෙන කොටුවේ සිට මොරටුවට සහ මොරටුවේ සිට වේයන්ගොඩ දක්වා යි.
මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ, සේවකයින් වැඩ වර්ජනය අත්හරින තෙක් සාකච්ඡා නොකරන බව ය.
මේ පිළිබඳව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ, තමන් ද වර්ජනය අතහැර සාකච්ඡාවට නොපැමිණෙන බව ය.