පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
‘‘වාද්දුව
මේ සාදය සංවිධානය කරලා තියෙන්නේ අමිල පුෂ්පකුමාර සහ හර්ෂණ එරන්ද කියන පුද්ගලයන් දෙදෙනෙකු විසින්. ස්කයි ඇඩ්වටයිසින් සහ හෙවන් ගේට්ස් කියන ආයතන දෙකක් මගින් තමයි මෙම සාදය සංවිධානය කරලා තියෙන්නේ.
මේ සඳහා තරුණයන් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගි වෙලා තියෙනවා. තරුණයන් සිව් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටිනවා. මේ මියගිය පුද්ගලයන් සිව් දෙනාගේම ශරීරයට විෂ ඇතුළු වී සියලූම පද්ධති අක‍්‍රිය බාවයට පත්විමෙන් මියගොස් ඇති බවට වෛද්‍යවරුන් සනාථ කරලා තියෙනවා.
මේකට අදාළ අය සම්බන්ධ වැඩිදුර සොයාබලන්න පොලිසිය උනන්දු නෑ. ඊට හේතුව දේශපාලන සබඳතා.
මෙම වෙරළ සාදයට සම්බන්ධ දේශපාළනඥයන්, සංවිධායකයන්, පොලිස් නිළධාරීන් ඇතුළු සියලූම දෙනාට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා..‘