සංවිධායක ලෙස කටයුතු කළ
ඉකුත් 4 වැනිදා රාත්‍රියේ සිට පසුදින (5) අලුයම තෙක් පැවැති සාදය සඳහා දිවයිනේ නන් දෙසින් තරුණ තරුණියන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වී ඇතැයි පොලිස් අධිකාරී කීය. පසුදින (O5) අලුයම හදිසියේ රෝගාතුර වූ පුද්ගලයන් සිවුදෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිදෙනකු එදිනම මිය ගිය අතර අනෙක් පුද්ගලයා පසුදින මිය ගියේය. සාදය පැවැති හෝටලය තුළ බිම තැන තැන විවිධ මත්ද්‍රව්‍ය බවට සැක කරන දවටන රැසක් මෙන්ම දුම්වැටි විශාල ප්‍රමාණයක් තිබීම පොලිසියට හමුවිය. මෙම සිද්ධිය සම්බන්ධව පෙරේදා (08දා) දක්වා කිසිවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම හේතුවෙන් වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවද පැවැතියේය.
වාද්දුව,මොරොක්කඩුව,කැස්බෑව, පොතුහැර හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිවුදෙනකු මෙම සිද්ධියෙන් මිය ගියහ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (10දා) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-එම්.සී.පෙරේරා-