
ලොව පුරාම ප්‍රසිද්ධ වෙළදසැල් ජාලයක් වෙන Walmart හි ඇමරිකාවේ මිචිගන් වල පිහිටලා තිබෙන Walmart ශාඛාවේදී අපුරු සිදු වීමක් වෙලා තිබෙනවා .ඇන්ජෙල පීටර් නමැති අබාධිත කාන්තාව Walmart ශාඛාවේ ඇතුලත පිහිටලා තිබෙන ඩා-වී නෙයිල් නමැති රූපලවන්යාගාරයට ගියේ ඇයගේ නිය පොතු පාට
කර ගැනීමටයි නමුත් ඔවුන් ඇයව ප්‍රතික්ෂේප කොට තිබුන හේතුව දක්වල තිබුනේ සිටින පිරිස වැඩියි කියලයි
කොහොම නමුත් ඇය කණගාටුවෙන් පිටව යන ආකාරය Walmart හි
පසුව මේ අවස්ථාවේදී Walmart හි සේවය කරන වෙනත් සේවිකාවක් වෙන ටෙසියා ස්මිත් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් ගෙන facebook දාල තියනව Walmart හි සේවය කරන අයගේ කරුණාවන්ත කම ලෙස සදහන් කරමින් කොහොම වුනත් මේ ඡායාරූපය සමාජ ජාල වල වේගයෙන් පැතිරුණා.
ඇයගේ නියපොතු නිල් පාටින් පාට කර තිබුන ඇය මෙය සිදුකර තිබුනේ ඇයගේ රැකියාව අතර තුර ලැබුණු විවේක කාලය තුලයි කොහොම නමුත් මේ ගැන අදහස් දක්වන ඩා-වී නෙයිල් ආයතනයේ ප්‍රකාශිකාවක් සදහන් කර තිබුනේ ඇයව ප්‍රතික්ෂේප කොට තිබුනේ කට්ටිය වැඩි කමක් නිසාවත් ඇය ආබාධිත නිසාවත් නොවේ එම සේවකයන්ගේ තිබෙන කම්මැලි කම නිසා බවයි .
මේ ගැන අදහස් දක්වන ආබාධිත කාන්තාව සදහන් කර තිබුනේ මට Walmart එකේ ගොඩක් යාලුවෝ හම්බුනා ඔවුන්ට මගේ ආබාධය නොතකා පිළිගත්තා එය විශිෂ්ටයි යනුවෙනි.

