තොගයක, මැරීම සඳහා රඳවා සිටි එළුවන් 18 දෙනකු, මැරීමට උපයෝගී කරගත් පිහි කිහිපයක්, සොරා ගැනීමෙන් අනතුරුව මරා දමන ලද එළුවන් හා ගවයන් බැඳ සිටි කඹ 100කට ආසන්න ප්‍රමාණයක්, එම සතුන්ගේ කර වටා බැඳ තිබූ ගෙජ්පී හා එම සතුන් ප්‍රවාහනයට යොදා ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය භාරයට ගෙන ඇත. මරා දමන එළුවන් හත් දෙනා අතර ගැබ්බර එළුවන් තිදෙනකු සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වැලිපැන්න පල්ලිය පාරේ නිවෙසක එළු හා ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යන බවට කළුතර දිසා අපරාධ ඒකකයේ
මීට දින දෙක තුනකට ඉහතදී බුලත්සිංහල ප්‍රදේශයේ එළුවන් තිදෙනකු සොර ගැනීම සඳහා යොදාගත් කළු පාටට හුරු සුඛෝපභෝගී මෝටර් රථයද නිවෙස පිටුපස ගාල් කර තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා දහවල් කාලයේදී යතුරුපැදිවලින් විවිධ ප්‍රදේශවල සැරිසරමින් ඔත්තු බලා රාත්‍රි කාලයේදී මෝටර් රථවලින් ගොස් එළුවන් හා ගවයන් සොරා ගැනීම කාලයක් කරගෙන ගොස් ඇති බව නිවෙස පිටුපස ගොඩගසා තිබූ එළුවන් හා ගවයන් බැඳ දැමීමට යොදා ගත් කඹවලින් පැහැදිලි වන බව පොලිස නිලධාරීයෙක් පැවැසීය. එළුවන් හා ගවයන් නැති වූ අය වෙතොත් කළුතර දිසා අපරාධ ඒකකය වෙත පැමිණ සිය සත්වයන් බැඳ තිබූ කඹයන් හඳුනා ගත හැකි නම් පැමිණ හඳුනා ගන්නා ලෙස කළුතර දිසා අපරාධ ඒකකය ඔවුන්ගෙන් ඉල්ලා සිටි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-එම්.සී.පෙරේරා-