කාන්තාවන් විදේශ ගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබා ගැනීමේ නීතිය ඉවත් කිරීමට පියවර ගන්නා බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පැවැසීය. මෙම නීතිය ඉවත් කිරීම සඳහා කැබිනට්
මණ්ඩලයට යෝජනාවක්

ඉදිරිපත් කර ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගාල්ලේදී සංවිධානය කළ "සුව දිවියට අරුණල්ලක්" වෛද්‍ය කඳවුර සහ ජංගම සේවයට එක්වෙමින් හෙතෙම මේ බව කීවේය.

කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගත යුතු බවට දැනට නීතියක් පවතින අතර ඒ නිසා නොයෙක් වංචනික මාර්ග ඔස්සේ කාන්තාවන් විදේශගත වීම මගින් කාන්තාවන්ගේ පවුල්වල ආරක්ෂාවට බරපතළ හානියක් සිදුව ඇති බවද මනුෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. පවුල් පසුබිම් වාර්තාව ඉවත් කර ඒ වෙනුවට විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


-රුචිර දිලාන් මධුසංඛ-