ඇගේ සැමියා වන කඩවත රම්මුතුගල පදිංචිව සිටි අජිත් පුෂ්පකුමාර නොහොත් ''මැන්ඩිස්'' යන අය මරා දැමීමේ ප්‍රධාන සැකකාරිය ලෙස විභාග වන නඩුවකට සහභාගී වීම සඳහා මහර අධිකරණයට පෙනී සිට ආපසු එමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බැව් කඩවත පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. තුවක්‌කුකරුවන් පැමිණි යතුරුපැදිය කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අල්ලා ගැනීමට පරීක්‍ෂණ පවත්වයි.