ඇපල් සමාගමට අයත් ස්වයං-පැදවුම් රථයක් හදිසි අනතුරකට සම්බන්ධ වී ඇති බව ඇමරිකාවේ කැලිෆෝනියා මාර්ග අධිකාරිය තහවුරු කර ඇත.

මෙම මෝටර් රථය, ස්වාධීන

සංවේදක සහිත නවීකරණය කරන ලද ලෙක්සස් RX450h වර්ගයේ එකකි. අනතුර සිදුව ඇත්තේ Nissan Leaf රථයක් සමගය. අනතුරින් රථ දෙකට හානි වුවත් කිසිවෙකුට තුවාල සිදුව නැත.
ගූගල් සමාගම ප්‍රසිද්ධියේ සිය ස්වයං-පැදවුම් රථ අත්හදා බැලීම් සිදු කළත් ඇපල් ස්වයං-පැදවුම් රථ රහසිගත වැඩපිලිවෙලක කොටසක් ලෙස ක්‍රියාත්මකවේ. අගෝස්තු 24 වන දින සිදුවූ මෙම අනතුර ගැන  ඇපල් මේ දක්වා ප්‍රකාශයක් කර නැත.
මෙම  පරීක්ෂණ සඳහා ඇපල් කාර් 66 ක්  ධාවනය සඳහා ලියාපදිංචි කර ඇති බව අනාවරණය විය.