සුගිය 18 වනදා සිට අද 2 දා දක්වා ඉන්දුනීසියාවේ - ජාකර්තා නුවරදී පවත්වන්නට යෙදුණු  18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තරග මේ වනවිට අවසන්ව ඇති අතර චීනය ජපානය කොරියාව මුල් ස්ථාන දිනා ඇත්තේ සියලු පදක්කම් 289 ක්, 205 ක් හා177 ක් බැගින් ලබාගනිමිනි.
ශ්‍රී ලංකාව තරග ඉසව් රාශියක් නියෝජනය කළත් එකදු ලෝකඩ පදක්කමක්වත් ලබාගන්නට බැරිව
හිස් අතින් ගෙදර එන්නට සිදුව තිබේ.

තරගාවලිය නියෝජනය කළ රටවල් 45 අතුරින් මේ ආකාරයට මුළුමණින්ම පරාජය වූයේ රටවල් 8 ක් පමණක් වන අතර රටවල් 37 කට අඩුතරමේ පදක්කම් එකක් දෙකක් හෝ කිහිපයක් දිනාගත හැකි විය.

1951 වසරේ සිට මේ දක්වා ආසියානු ක්‍රීඩා උළෙල 15 කට ශ්‍රී ලංකාව සහභාගීවී තිබෙන අතර අවස්ථා ගණනාවකදී පදක්කම් දිනා ඇත. මේ දක්වා වරින් වර රන් පදක්කම් 11 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් එකතුව පදක්කම් 41 ක් පෙර තරගාවලී වලදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති නමුත් මෙවර තරගාවලියේදී කිසිදු පදක්කමක් ජයගැනීමට හැකිවී නැත.

ශ්‍රී ලංකා රග්බි පිල ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයෙන් කොරියාවට පරාජය වීම නිසා මෙවර ලෝකඩ පදක්කමක් ලබාගන්නට තිබූ අවස්ථාවද අහිමිව ගොස් තිබුණි.
පහත පළවන්නේ අවසන් පදක්කම් සටහනයි