ඉක්මණින් නිවසින් පැනගැනීම සඳහා පහළට පැමිණෙන ලෙස කියා තිබෙන නමුත් ඔවුන්ට ගින්න මැදින් ඒමට නොහැකි ලෙස ගින්න පැතිරී තිබී ඇති අතර එම අවස්ථාවේ පුතා මවට ඉහළ මාලයට පැමිණෙන ලෙස දන්වා ඇති බවද මවගේ සාක්ෂි වලින් පැවසිණි. කෙසේවෙතත් අසනීප තත්වයෙන් පසුවූ මවට දුමාරය මැදින් ඉහළ මාලයට යැමට නොහැකිවූ බව දන්වා ඇත.
ඒ නිසා ඇය නිවසින් පිටතට
වෛද්‍ය යුවළ හා දරුවා ඉහළ නානකාමරයක සිරවී සිට ඇති අතර එළියට පැමිණි මව අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලද්දී සිද්ධිය ගැන පොලිසිය දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
බොරලැස්ගමුව පොලිසිය වහා ක්‍රියාත්මකවී දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයටද සිද්ධිය දැනුම් දී ඇති අතර පොලිස් කණ්ඩායමක් සිද්ධිය වෙමින් පවතින තැනට පිටත් කර එවා ඇත.
ඒ වනවිට ගිනි නිවන ඒකකද පැමිණ සිටි අතර ගිනි නිවන නිලධාරින් හා පොලිසිය එක්ව බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
යාබද නිවෙල කොන්ක්‍රීට් බැමිවලට ඉනිමං තබා වෛද්‍ය යුවළ පදිංචි දෙමහල් නිවසේ වහලට නැගගත් ඔවුන්ට වහලයේ සෙවිලි තහඩු කඩා නිවෙස පරික්ෂා කරද්දී වෛද්‍ය යුවළ සහ දරුවා නාන කාමරයේ වැටී සිටිනු දැක ඇත. වායු ආඝ්රානය නිසා වෛද්‍ය යුවළ සහ දරුවා ඒ වන සිහි විසඥව එම ස්ථානයේ වැටී සිටි බවත් මහත් ආයාසයක් දරා නිවසට වහලෙන් බැස පළමුව දරුවා පිටතට ගෙන ගිලන් රථයෙන් රෝහලට යවා ඇති අතර ඉත්පසුව පිටතට ගත් වෛද්‍ය යුවළ බොරලැස්ගමුව පොලිසියේ ජීප් රථයෙන් රෝහලට යවා ඇත.
වෛද්‍ය යුවළ සහ දරුවා නාන කාමරයේ වැටී සිටියදී එතැන ජල කරාමය විවත කරගෙන සිටිනු දුටු බවද පොලිසිය දන්වා ඇත.
නිවසේ පහත මාලයේ
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර එයින් නිවසේ සියලු දේපළ විනාශ වී තිබීමත් බිත්තිවලට පවා බරපතළ හානි සිදුවීමත් ගැටලු කාරීය.
මියගොස් ඇත්තේ හොරණ මූලික රෝහලේ හිටපු වෛද්‍යවරියකවූ 32 හැවිරිදි විදර්ශනී ඩයස් මහත්මියයි.
ඇය පස් ගැබිනියක වූ බව පැවසේ. ඇගේ සැමියා වන ජයවර්ධනපුර රෝහලේ අක්ෂි වෛද්‍ය 36 හැවිරිදි අනුරංග ඩයස් මහතා සහ සිව් හැවිරිදි පුත්‍රයා අසාධ්‍ය තත්වයෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.ගින්න හටගත් අවස්ථාවේ වෛද්‍යවරයාගේ 63 හැවිරිදි මවද නිවසේ සිට ඇති නමුත් ඇයට කිසිදු අනතුරක් සිදුවී නැත.
මියගිය වෛද්‍යවරිය සහ තුවාල ලබා සිටින ඇගේ අක්ෂි වෛද්‍ය සැමියා මෙම නිවසට යාබදව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ චිකිත්සාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවද පැවසේ.
ගින්නට හේතුව සොයා ගැනීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද කැඳවීමට නියමිතය. පොලිසිය පරීක්ෂණ පවත්වති.
Pix by H.M Dharmapala and Dilanka Gomas & Bimal Shyamen Jayasinghe (Courtesy- Dailymirror.lk)
දෙහිවල නිවසේ ගින්නෙන් වෛද්‍ය ගැබිණි බිරිය මරුට වෛද්‍ය සැමියා හා පස් හැවිරිදි දරුවාට පිළිස්සුම් තුවාල