මෙසේ මියගොස් ඇත්තේ වව්නියාව ආසිකුලම් කට්කුලම් 1 පදිංචි නඩරාසා පොතනායගි (29) නැමැති නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යනය හා ජනසන්නිවේදන පීඨයේ කථිකාචාර්යවරියයි.
මෙම කථිකාචාර්යවරියගේ අත්බෑගය
එහි තිබු හැදුනුම්පත් වලින් ඇය කථිකාචාර්යවරියක් බව හදුනාගත් ත්‍රිකුණාමලය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එස්.ලලිත් කුමාර මහතා ඒ බව විශ්ව විද්‍යාලයට දැනුම් දිමෙන් පසුව ඇය අතුරුදන් වි ඇති බවට නිලාවේලි පොලිසියට පැමිණිලි කර ඇත.
අතුරුදන් වු බවට පැමිණිලි කර පැය කිහිපයට පසුව සිරුර කොටුව වෙරලේ පාවෙමින් තිබිදි සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිලාවේලි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
(අමදෝරු අමරජීව)