අම්බලන්ගොඩ අකුරල සිට තොටගමුව දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකින් මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන අයුරු දක්නට ලැබේ.

වෙරළ ආරක්ෂාවට

ඉදිකර ඇති ගල්වැටි ගිලා බැසීම හේතුවෙන් මෙලෙස මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබේ..

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ අකුරල සිට තොටගමුව දක්වා ස්ථාන කිහිපයකින් මුහුදු රළ පහර මාර්ගය දක්වා පැමිණෙන ආකාරය ඊයේ(27) දින සිට දැක ගැනීමට හැකි විය.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ වසරක පමණ කාලයක සිට නිරන්තරයෙන් මෙලෙස මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන බවයි.

ඔවුන් පවසන්නේ වෙරළ ඛාදනය වැළැක්වීමට සකසා ඇති ගල්වැටි ගිලා බැසිම හේතුවෙන් මෙලෙස මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන බවයි.