අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් නියමවී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඩුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාවනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙස කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඊයේ (30) ප්‍රතික්ෂේප කළේය.

මෙම ඉල්ලීම අභියාචනාධිකරණුය සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
 ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප

කරන බවද සභාපති විනිසුරු ප්‍රිනි පද්මන් සූරසේන මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේය. එක් සිද්ධියකට චෝදනා 4 ක් ඉදිරිපත් කිරීම වැරදි සහගත බවද ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයට අමාත්‍ය එස්.බී. දිසානායක මහනාට සිර දඩුවම් ලබාදී ඇත්තේ වසර 2 ක් පමණක් බැවින්
මෙම දඩුවම වැඩි බවද ඊට අමතරව විත්තිකාර හිමිනමට දඩුවම් නියම කර ඇත්තේ පෞද්ගලික කරුණක් වෙනුවෙන් මැදිහත්වීම වෙනුවෙන් නොව රණවිරුවන් වෙනුවෙන් මැදිහත්වීද යන කරුණු පදනම් කරගෙන බවද එහෙයින් මෙම ඉල්ලීමට අවසර ලබාදෙන ලෙස ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අරිසකුලරත්න මහතා කියා සිටියේය.
මෙම කරුණු නීතියට පටහැනි බවද එස්.බී. දිසානායක නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටත සිද්ධියක් බැවින් මීට අදාළ කර ගත
නොහැකි බවද එබැවින් එම ඉල්ලීම් ප්‍රතිෂ්ප කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල් රෝහාන්ත අබේසුරිය මහනා කියා සිටියේය.
දෙපාර්ශ්ව යේ කරුණු සලකා බැලු අභියාචනාධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු; කර අභියාචනාධිකරණය මගින් ඒ හිමියන්ට බරපතළ වැඩ සහිතව වසර 19 ක සිර දඬුවම් නියම කර එය වසර 6 කින් ගෙවී යන පරිදි නියම කර ඇත.