දුම්රිය කාර්මික ශිල්පීන්ටද යථා තත්වයට පත් කළ නොහැකිවීමෙන් මහාගල්කඩවල කැලැබැද ප්‍රදේශයේදී නතරවී තිබෙන අතර මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇත.එහි පැමිණි දුමිරිය කාර්මික ශිල්පීන් විනාඩි 45ක් පමණ උත්සාහ කළ ද දෝෂය නිවැරදි කිරීමට හැකිවී නැත.
විශාල බෑග රැගත් විදේශිකයින් ඇතුළු මගීන් රැසක් දුම්රියේ සිට ඇති අතර රාත්‍රියද උදාවෙමින් තිබූ බැවින් ඔවුන් මුහුණ පා ඇති දැඩි අසීරුතාවකටය. ඒ අවස්ථාවේ මගීන් අතර සිටි සිසුවකු ඉදිරිපත් වී එම් දෝෂය යථා තත්වයට පත්කිරීමෙන් පසු දුම්රිය යළිත් ධාවනය කිරිමට හැකි වී තිබේ.
මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇත්තේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යපනය හදාරන ජනිත් දිමන්ත විතානාරච්චි නමැති සිසුවෙකි.
මෙම දුම්රිය එදින පස්වරු 4.27ට අනුරාධපුරයෙන් පිටවිමේ පසු කැළෑබද ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවේ දුම්රිය කාර්මිකයින්ටද ැබරිවූ දෙය සිසුවා සිදු කර ඇත්තේ මිනිත්තු 20 ක් වැනි කාලයක් තුළය.
මෙම සිසුවා ඉදිරිපත් වී තමාට දෝෂය නිවැරදි කළ හැකි බව ශිල්පීන්ට පවසා සිටි විට එම අවස්ථාව ලබා දීමට ඔවුන් එකඟවීම නිසා දෝෂය නිවැරදි කරන්නට ඔහුට හැකි විය. අනතුරුව දුම්රිය නියමිත ගමනාන්තය දක්වා ධාවනය කළ හැකිවූ අතර ඒ ගැන දුම්රිය නිලධාරීන් මෙන්ම
මගීන් එම සිසුවාට ස්තූති කර තිබේ.