යාපනයට පැමිණ සතියකට වඩා
චුන්නාකම් පළාතේ තරුණයන් පිරිසක් කාන්තාවක් රාත්‍රි කාලයේ එහා මෙහා යන එන අයුරු දැක ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සිංහල කාන්තාවක් බව දැනගෙන සිංහල භාෂාව දන්නා සමාජ සේවකයකු එතැනට කැඳවා ඇගෙන් විස්තර දැනගෙන තිබේ. පසුව මේ පිළිබඳව චුන්නාකම් පොලිසියට තොරතුරු දන්වා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට අතරමං වූ කාන්තාව භාර දී තිබේ. චුන්නාකම් පොලිසිය එම කාන්තාව ආපසු ඇගේ ගම් ප්‍රදේශයට යැවීමට පියවර ගෙන ඇත.
-රසාදි චතුරංගී ගමගේ-