මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැවි , බෝට්ටු වෙත ක්ෂණිකව ලගා වී ගිනි ගැනීම් පාලනය කිරීම සදහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කල ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කිරීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධිවර වරායේදී ඊයේ [ 13 ] සිදු කෙරිණ .
මෙම ගිනි නිවීමේ යාත්‍රාව සම්පුර්ණයෙන් දේශීය නිෂ්පාදනයකි . සෝලා මැරීන් ලංකා ආයතනය විසින් මෙම ගිනි නිවීමේ යාත්‍රාව නිෂ්පාදනය කර තිබේ .
පැයට නාවීක සැතපුම් 35 ක වේගයකින් යාත්‍රා කල හැකි මෙම යාත්‍රාව සතුව පැයකට වතුර ලීටර් ලක්ෂ 06 ක් මීටර් 120 ක් දුරට විදිය හැකි පහසුකම් සහ ගොඩබිම සිට නාවීක සැතපුම් 200 ක දුර ගිනි නිවීමේ මෙහෙයුම් වල සාර්ථකව නිරතව නැවත ගොඩබිමට ලගවිමේ සියලු පහසුකම් වලින් සමන්විතය .
BELUGA – 18 නමැති මෙම ගිනි නිවීමේ යාත්‍රාවේ ගිනි නිවීම් භටයින් 06 දෙනෙකුට ගමන් කර මෙහෙයුම් සිදු කිරීමේ පහසුකම් ඇත . මහ මුහුදේ සිදුවන එවැනි ගිනි ගැනීම් පාලනය කිරීම පිළිබද විශේෂ පුහුණුවක් ද ඔවුන්ට ලබා දී තිබේ .
ඉන්ධන වැනි ද්‍රව්‍යයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්වන නැවක් හෝ බෝට්ටුවක ගින්න පාලනය
එවැනි ගිනි ගැනිමක් පිලිබදව වාර්තා වූ වහාම අදාළ ස්ථානය නිශ්චිතව හදුනාගැනීමේ නවීන තාක්ෂණය මෙන්ම , එවැනි ගිනි ගැනීමක් දැනගැනීමත් සමග අදාළ නැවේ IMO අංකය මගින් එම නැව ඇති ස්ථානය පහසුවෙන් හදුනාගැනීමේ AIS තාක්ෂණයෙන්ද මෙම ගිනි නිවීමේ යාත්‍රාව සමන්විතය .
එවැනි ගිනි නිවීමක් පාලනය කිරීමේ මෙහෙයුමකදී අදාළ ස්ථානයේ ස්ථානගත වී සිටීමේ GPS සහ සැටලයිට් තාක්ෂණය අනුව යාත්‍රාව ස්වයංක්‍රීයව බලගැන්වී සාගරයේ පා නොවී සිටීමේ විශේෂිත හැකියාවද සහිතව මෙම ගිනි නිවීමේ යාත්‍රාව නිපදවා ඇත .
මෙම යාත්‍රාව දියත් කිරීමේ අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා එහි පහසුකම් සහ ක්‍රියාකාරිත්වය එකින් එක නිරීක්ෂණය කිරීමටද පියවර ගත් අතර ශ්‍රී ලංකාවේ ධිවර ප්‍රජාව රැකියාවේ නිරතව සිටියදී අනතුරට හා ආපදාවන්වලට ලක්වන අවස්ථාවලදී ඔවුන් බේරාගැනීමට මෙන්ම අනතුරට පත්වන යාත්‍රා ගොඩබිමට රැගෙන ඒමේ පහසුකම් සැලසීම පිළිබදවද නිෂ්පාදන ආයතනය සමග සාකච්ජා කළේය .
මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා , “ ඇත්තෙන්ම මෙවැනි නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ සිදුකිරීම පිලිබදව රටක්
“ පහුගිය කාලයේ ධිවර ජනතාව මහ මුහුදේ විවිධ අනතුරුවලට ලක් වුනා . ඒ අවස්ථාවලදී ඔවුන්ට පිහිට වීමට මෙවැනි යාත්‍රා තිබුනා නම් ජිවත රැසක් බේරාගැනීමට හැකියාව තිබුණා . මම යෝජනා කරන්නේ හදිසි ගලවාගැනීමේ මෙහෙයුම් සදහා ද යොදාගත හැකි ලෙස මෙම යාත්‍රාව වැඩි දියුණු කලයුතු බවයි . ”
එලෙසම ගින්නක් පාලනය කිරීමේ මෙහෙයුම් වලදී එල්ල වන අධික උෂ්ණත්වයෙන් මෙම ගිනි නිවීමේ යාත්‍රාව ආරක්ෂා කිරීමේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක ජලය විහිදුවා සිසිල් කිරීමේ යාන්ත්රනයකින් ද මෙය සමන්විත බව එහි නිෂ්පාදක සමාගමේ කලමනාකර අධ්යක්ෂ එස්.ඩි.ප්‍රේමතිලක මහතා පැවසිය .
ඔහු සදහන් කලේ ගොඩබිම සිටි මෙම ගිනි නිවීමේ යාත්‍රාව ඇති ස්ථානය නිශ්චිතව හදුනාගෙන අවශ්‍ය මෙහෙයුම් සදහා යෙදවිය හැකි ලෝකයේ දැනට භාවිත කරන නවීන තාක්ෂණය මෙම යාත්‍රාව නිෂ්පාදනයේදී උපයෝගී කර ගෙන ඇති බවය .ඊට අමතරව බේරාගන්නා පුද්ගලයින්ට හදිසි ප්‍රතිකාර ලබාදී කඩිනමින් ආසන්නම වරාය වෙත රැගෙන එම සදහා ද මෙම යාත්‍රා සතුව පහසුකම් ඇතැයි ඔහු සදහන් කළේය .
තම සමාගම මේ වන විට ඉන්දීය නාවික හමුදාව වෙනුවෙන් අධිවේගී යාත්‍රා 80 ක් සහ මාලදිවයින වෙනුවෙන් අධිවේගී යාත්‍රා 05 ක් නිෂ්පාදනය කර එම රටවලට භාර දී ඇති බවත් , ඉන්දීය නාවික හමුදාවට නිෂ්පාදනය කල එම අධිවේගී යාත්‍රා එරට වෙරළාරක්ෂක බලකාය විසින් භාවිත කරන බවත් හෙතෙම මෙම ගිනි නිවීමේ යාත්‍රාව දියත් කිරීමේ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතමින් පැවසිය . එහිදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා රජය විසින් නියම කරන නිර්ණායක අනුව මෙම ගිනි නිවීමේ යාත්‍රාව තවත් යාවත්කාලීන කිරීම සහ පහසුකම් වැඩි දියුණු කිරීමට සුදානම් බවය .
සරත් චන්ද්‍රසිරි