16 හැවිරිදි ගැබිනියක විවාහ කරගන්නා බවට රවටා, මොරවැව දඹගස් උල්පත කැලයට රැගෙන ගොස්, ඝාතනය කර පුලුස්සා දැමීමේ. සිද්ධියට සමිබන්ධ විත්තිකරුවන් දෙදෙනෙකුගෙන් පළමු විත්තිකරුට
ත්‍රිකුණාමලය මහාධිකරණ

විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා පෙරේදා (23) මරණ දඬුවම නියම කළේය.
මොරවැව පදිංචි නිශාන්ත ජයලත් නමැත්තෙකුට මෙසේ මරණ දඬුවම නියම කෙරීණි.
සිද්ධියට සම්බන්ධ දෙවැනි විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය. මොරවැව පදිංචි එච්.එම්. දිලානි කුමාර ගුණතිලක (16) නමැත්තිය සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගෙන ගැබිනියක් කළ පසු ඇයව විවාහ කරගන්නා බවට රවටා, 2011 ජුනි 27වන දින හෝ ඊට ආසන දිනයකදී දඹගහ උල්පත කැලෑවට රැගෙන ගොස්, ඝාතනය කර පුලුස්සා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව 34 දෙනෙකු සාක්ෂි ලබාදී තිබූ අතර, මෙම නඩුව පසුගිය මස 17දා සිට දිනපතාම විභාගයට ගනු ලැබීය.  පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ මොහොමඩ් රාජි මහතා පෙනී සිටි අතර දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥා දනුක මැදගෙදර මහතා පෙනී සිටියි පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ චක්‍රවර්ති යාදවන් මහතා පෙනී සිටි අතර මොරවැව පොලීසිය මම නඩුව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වීය.

(ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව)