පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.
රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් පනස් හතරදහස ඉක්මවා ඇතැයිද එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.
මෙතරම් ආර්ථික අර්බුදයක් ඇති වී තිබියදීත් සමහර ඇඟලුම් කර්මාන්ත ශාලාවල අවම මූලික වැටුප රුපියල් දසදහසක් බවත්, අයවැය සහන දීමනා සමග එම මුදල රුපියල් දහතුන්දහස් පන්සියයක් බවත් ඔහු කියා සිටියේය. මේ නිසා පෞද්ගලික අංශය තුළ පුරප්පාඩු ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්,
පෞද්ගලික අංශය කඩාවැටීමකට ලක්වුවහොත් එය රටේ ආර්ථිකයට සෘජුවම බලපාන බවද සඳහන් කළේය. මෙම තත්වය සැලකිල්ලට ගෙන වෘත්තීය සමිති 09ක් ඒකාබද්ධ වී රජයට මෙම යෝජනාව ඉදිරිපත් කළ බවත් එම යෝජනාවේ පිටපතක් කම්කරු අමාත්‍යවරයාට භාරදීමට කටයුතු කළ බවද හෙතෙම කියා සිටියේය.