වසර 06කට පසු රුසියාවේ එරෝ ෆ්ලොට් ගුවන්යානා සමාගමේ ගුවන් යානා අද (29දා) සිට රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කරන බව මෝල්ඩිවියන් අවේෂන් පෞද්ගලික සමාගමේ සභාපති ආචාර්ය
ධර්මදාස් වික්‍රමගේ මහතා සඳහන් කරයි.
අද (29දා) සිට ගුවන් ගමන් ආරම්භ කරන එරෝ ෆ්ලොට් ගුචන් යානා සතියකට පස් වතාවක් ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් වාර සිදුකරන බව වික්‍රමගේ මහතා සඳහන් කළේය. ලෝකය පුරා විහිදුණු දැවැන්ත ගුවන්යානා ජාලයක් ලෙසද යුරෝපයේ ඇති නවීනතම ගුවන්යානා සමාග්ගම ලෙසද මෙම සමාගම ප්‍රසිද්ධ බව වික්‍රමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
-ටී.එම්.ඉරේෂා-