‘මගේ වයස දැන් අවුරුදු 103යි. මගේ ජීවිත කාලයට මට
හැකි උපරිමයෙන් ශාසනයට, රටට, ජාතියට යුතුකම් ඉටු කර තියනවා. ඒ ගැන මට සතුටුයි. මගේ සේවාව මේ අවුරුද්දෙන් අවසන් වෙනවා."
"ඒ ඇයි නායක හාමුදුරුවනේ?"
"මම මේ අවුරුද්ද අවසන් ගෙන පෙර අපවන් වෙනවා."
"එහෙම කොහොමද කියන්නේ ඔබ වහන්සේ නිරෝගීව වැඩ ඉන්නවනේ"
ගිය ආත්මෙත් මම හාමුදුරුනමක්. ඒ ආත්මෙත්අ ආයුෂ විඳලා මේ වයසේදීම තමයි මම අපවත් වෙලා තියන්නෙ."
නාහිමියන් අනුමාන කළ දින වකවානුවේදීම උන්වහන්සේ අපවත් වීම එක්තරා ආකාරයට විමතිදායක කාරණාවකි.
අලුත්ගම ධම්මානන්ද නාහිමියන් උපන්නේ 1915 නොවැම්බර් 22 වැනි දිනය. තව මාසයක් ජීවත්ව සිටියේ නම් උන් වහන්සේගේ වයස අවුරුදු 104කි.
අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ චරිතය මල්වතු මහා විහාර ඉතිහාසය තුළ පමණික් නොව ශාසන ඉතිහාසය තුළ ද රන් අකුරෙන් ලියැවෙන්නක් වියයුතු වුවද උන්වහන්සේගේ ජීවන චරිත කතාව හරියාකාරව සමාජගත වූයේ නැත.
අලුත්ගම නාහිමියන් හා බෝගම්බර සිරගෙදර අතර සුවිශේෂී සබඳතාවක් තිබිණි. එහි සිරකරුවන් උදෙසා දහම් පාසලක් ආරමිභ කළේද උන්වහන්සේය. 1950 සිට උන්වහන්සේගේ ආගමික සේවාව බෝගම්බර සිරගෙදරට ලබා දුනි. එපමණක් නොවේ. මරණ දණ්ඩනයට නියම වූවන් එල්ලා මරණ දිනයේ ඔවුන්ට සුදුසු බණක් දේශනා කළේ ද ධමිමානන්ද නාහිමියෝය. බෝගම්බරදී අවසන්වරට් එල්ලා මැරූ මරු සිරාට බණ දෙසන්නට ද උන්වහන්සේ වැඩම කළහ.
"මම බස කියන්න ගියාම මරු සිරා කීවා 'මේ නව ටිකකින් මැරෙන ඉන්න මට මාන බණක්ද? ගිහින් පින්වත් වෙන අකලනෙකුට හාමුදුරුවෝ බණ කියාගන' කියලා. ඒත් බණ පදයක් අහලම අවසන් ගමන යන්න කියලා බණ ටික කියලා මම ආවා."
මහනුවර නගරය මංමාවත්වලට නම් දැමූ ආකාරය පිළිබඳව ධම්මානන්ද නාහිමියන්ට තිබුණේ අපූරු මතකයකි. 'රැජින' හෝටලය ඉදිරිපිට සිට වැව රවුම ශ්‍රී දළදා මාලිගාව තෙක් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නම් කර තිබුණේ වික්ටෝරියා ඩ්‍රයිව්' වශයෙනි. එය 'සංඝරාජ මාවත'
ලෙසත් මල්වතු මහා විහාරය අයිනෙන් විහිදී ගිය ලෑන්ඩේල් රෝඩ්' යන්න 'සරණංකර පාර' ලෙසත් නම් කිරීමට මුල් වූයේ අලුත්ගම නාහිමියෝය.
සංඝරාජ පිරිවෙණේ 1951 දී සංඝරාජ දහම් පාසල බිහි කළේ ද අප නාහිමියෝමය. මල්වතු මහ විහාරයේ කඨින පුජෝත්සවය ද වාර්ෂික සංකී රාජ පෙරහර ද ඇරඹුණේ අලුත්ගම ධම්මානන්ද නාහිමියන් නිසාය. නාහිමියෝ විශාල ගිහි පිරිසකට ගුරුවරයකු වූහ. උන් වහන්සේ පරම විඥානාර්ථ සමාගමෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු ලෙස පත්වීම් ලැබ සේවය කර තිබේ.
තෙරතුරු - ධර්ම ශ්‍රී තිලකවර්ධන