6 pm
අර්ජුනට ඇප ලැබෙයි
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය.
ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව දෙසැම්බර් 4 වැනි දා යළි කැඳවීමට නියමිතය.

5 pm
ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ(28) සවස සිදු වූ වෙඩි තැබීමෙන් 2 නෙකු මියයාමේ සිද්ධියට
අදාළව හිටපු ඛනිජ තෙල්

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ, අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තවම ප්‍රතිකාර ලබයි.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත ඔහුගේ ආරක්ෂකයෙක් මෙම වෙඩි තැබීම සිදුකර තිබුනි.
 මෙම තත්ත්වය හේතුවෙන් අද උදෑසන සිට ඛනිජ තෙල් සංස්ථාවේ වර්ජනයක් ආරම්භ කර තිබු අතර, මේ වන විට එය නවතා දමා ඇත.