පිරිස පිටව යනු ඇතැයි ඉවසමින් පැය 3 ක් පමණ ඔහු එලෙස රඳවා තබාගන්නට එස්ටීඑෆ් නිලධාරීන් කටයුතු කර තිබුනි. නමුත් වෘත්තිය සමිති නිලධාරීන් මෙන්ම අසල්වැසි පිරිස් එක්රෝක්වී එළියේ කලබලකාරීත්වය වැඩිවූවා මිස අඩුවක් නොවීය.මේ අතර අර්ජුන ඔහුගේ ගැලවුණ සරම වෙනුවට එස්ටීඑෆ් කලිසමක්ද ඇඳගෙන හතර අතට කෝල් කරමින් සිටියේය. (කලිසම ගැලවූ හැටි පෙර විස්තරයේ)
එම අවස්ථාවේඋපායක් කල්පනා කළ එස්ටීඑෆ් නිලධාරියෙකු දන්වා ඇත්තේ අර්ජුනට සම්පූර්ණ එස්ටීඑෆ් ඇඳුම අන්දවා එලියට යාහැකි බවයි.
ඔහු පිටතට පැමිනියේ හෙල්මටයක්ද සමගිනි. ඔහු පසුපස දොරකින් පිටතට යද්දී එස්ටීඑෆ් නිලධාරීන් වටකරගෙන සිටි අතර කුපිතවූ පිරිසගේ ග්‍රහණයට නතුවූයේ නැත.