ඇතැම් අය සත්‍ය සිද්ධීන් සටහන් තබන අතරම ඇතැම් අය ජනප්‍රිය වීමට සිතා ව්‍යාජ සිද්ධිද ප්‍රබන්ධ කර තමන්ගේ අත්දැකීම් ලෙස බෙදාහදාගෙන තිබේ.
මේ අනුව යමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තමන්ට හිරිහැරයක් කළ බවට එක් කාන්තාවක සිය ෆේස් බුක් ගිණුමේ සටහන් තබා ඇති අතර තවත් කාන්තාවක
මේ සටහන් කිසිවක් ඔප්පු කළ හැකි ඒවා හෝ ඒ පිළිබඳ ඉදිරි නීති ක්‍රියාමාර්ග බලාපොරොත්තුවෙන් ඔවුන් තැබූ සටහන් නොවන අතර බැලුබැල්මට පෙනෙන්නේ ජනප්‍රිය වීමේ පටු අදහසින් තැබූ ඒවා බවයි.
කෙසේ වෙතත් ප්‍රකට ක්‍රීඩකයින් දෙදෙනකුගේ නම් සම්බන්ධව ඇති නිසා ඉන්දියානු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් මෙම සටහන් පිළිබඳ ප්‍රවෘත්ති පළ කර තිබේ.
මින් වසර ගණනාවකට ඉහතදී ගුවන් සේවිකාවක පිහිනුම් තටාකයක් අසළදී අතවර කිරීමට රණතුංග
උත්සාහ කර ඇති බව ඇගේ ෆේස් බුක් පෝස්ටුවෙන් හෙළිදරව් කර ඇති බව ඉන්දියා ටුඩේ පුවත්පත පළ කර තිබේ.
කෙසේ වෙතත් මෙම හෙළිදරව්ව කළ කාන්තාවගේ නම ඉන්දීය මාධ්‍ය මගින් සඟවා තිබේ.
ඉන්දියානු ගායිකාවක වන Chinmayi Sripaada සිය ට්විටර් ගිණුම භාවිතයෙන් ලසිත් මාලිංග අයිපීඑල් තරගාවලියක් අතරතුර තමන්ව කාමරයකට ඇදගෙන ගොස් අතවර කරන්නට උත්සහ කලායයි චෝදනාවක්ද කර තිබෙන අතර ඒ ගැන ඉන්දියා ටයිම්ස් ඇතුළ පුවත්පත් ඇය උපුටමින් වාර්තා පළ කර තිබේ.
මෙම හෙළිදරව් කිරීම් වල සත්‍යඅසත්‍යතාවය ගැන මේ දක්වා වැඩිදුර සොයාබැලීම් සිදුව නොමැත. ඉන්දියාවේ ක්‍රියාත්මක කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසම ( National Commission for Women ) දන්වා සිටින්නේ ඔවුන් ඉදිරියේදී මේවා ගැන සොයාබලන බවයි.
පහත පළවන්නේ එම සටහන් දෙකයි