අසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන නියෝජිත රටවල් විසිපහක පරිපාලන කටයුතු සිදු කෙරෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ඒ.සී.සී.) ප්‍රධාන කාර්යාලය මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළද මෙම කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීමට ඒ.සී.සී. බලධාරින් තීරණය කර ඇතැයි වාර්තා වේ.
2016 වසරේ අගෝස්තු මස 20 කොළඹ 7 ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයට අනුබද්ධව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන කාර්යාලය ස්ථිර පදනමක් යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ අතර එසේ ස්ථාපිත කිරීමේදී එක් කොන්දේසියක් වූයේ ඒ.සී.සී. ආයතනය සඳහා විදෙස් මුදල් ලැබීමේදී ඒ සඳහා ශ්‍රී ලංකා රජයන් බදු පැනවීමක්
නොකරන බවයි.
එහෙත් එසේ ලැබෙන මුදල් සඳහා ශ්‍රී ලංකාව තුළදී බදු සහනයක් තවමත් ක්‍රියාත්මක නොවීම මෙසේ ඒ.සී.සී. ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීමට මූලික වී ඇති හේතුව බවද පැවැසේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාර් ක්‍රීඩා අමාතශයේ ලේකම් කමල් පත්මසිරි මහතාගෙන් විමසූ විට ප්‍රකාශ කළේ, එවන් අවදානමක් පවතින නමුත් එකී බදු සහන ඒ.සී.සී. යට ලබා දීම සම්බන්ධයෙන් තමන් ඊයේ (25) පෙරවරුවේ මෙරට භාණ්ඩාගාර ලේකම්වරයා සමඟද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි. තවද එසේ ලබාදීමට තීරණය කර තිබූ බදු සහන ක්‍රමය ක්‍රියාවට නැවීමට ශ්‍රී ලංකාව පැත්තෙන් අපොහොසත් වී ඇති බවද පැවැසූ පත්මසිරි මහතා තවදුරටත් කියා සිටියේ ඩුබායි රාජ්‍යය දැනට වඩා මූල්‍යමය ප්රතිලාභ ඒ.සී.සී.යට ලබාදීමටදා එකඟ වී ඇති බවයි. මෙම තීරණය පසුගිය සතියේ ඒ.සී.සී. ය විසින් තමන් වෙත දැනුම් දෙන ලද බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධරියා තවදුරටත් සඳහන් කළේ මෙම කාර්යාලය ශ්‍රී ලංකාවේම තබාගැනීමට හැකි සෑම වරින්ම ගන්නා බචයි.
මේ අතර මෙම අර්බුදය සම්බන්ධයෙන් ඊයේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේ තවම එවන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් බදු සහන නොලැබුණහොත් ඔවුන් අනිවාර්යයෙන්ම ඒ.සී.සී. ප්‍රධාන කාර්යාලය, ඉවත්කර ගනු ඇති බවත්ය.
-සිරිනාම රාජපක්ෂ-