ගුරුවරුන්ගේ ආශිර්වාදය ලබා මිතුරන්ද හමුවී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
‘මට ගොඩක් සතුටුයි මං හිතුවෙත් නෑ අදහගන්නත් බෑ පළමු වෙනිය වෙයි කියලා ‘ ඔහු කියා තිබුණි.
ඔහු මෙවර විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගත්තේය.
අද සිය පාසලට පැමිණි වෙලාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙසේය.
"මම ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගත්තා. සෙල්ලම් කරන වෙලාවට සෙල්ලම් කළා. ගෙදර වැඩ කරන වෙලාවට ඒවා කළා. මගේ මවුපියන්, ගුරුවරුන් වගේම විදුහල්පතිනියගේ මඟපෙන්වීම යටතේ මේ දක්ෂතාව දක්වන්න මට හැකිවුණා.
ඒ සියලු දෙනා මට ලොකු ශක්තියක් වුණා. මම ගොඩක් පොත් කියෙව්වා. පාඩම් නොකරන වෙලාවට මම කළේ පොත් කියවන එක. ඒකත් ලොකු උදව්වක් වුණා මේ ජයග්‍රහණය ලබාගන්න"
ඡායාරූප -ප්‍රදීප් කුමාර