තමන්ට ලැබුණු රුපියල් 3000 ක් වන ඔක්තොබර් මස ඉන්ධන දීමනාව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා තරගයේදී
ලෝකඩ පදක්කමක් දිනා ගත්

පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩාව වෙත ලබාදීමට හලාවත ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් කටයුතු කර ඇත.

ඒ අනුව හලාවත ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 31 දෙනා තම මාසික ඉන්ධන දීමනාව ඇය වෙත ලබාදීමට කටයුතු කර ඇත.

පාරමී ක්‍රීඩිකාව පදිංචිව සිටින හලාවත - අඹකදවිල නිවසට යන මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දීමටත්, එම මාර්ගය ඇය නමින් නම් කිරීමටත් පසුගිය මාසික සභා රැස්වීමේදී තීරණය කළ බව හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සිල්වා මහතා පැවසීය.

සටහන - ජුඩ් සමන්ත - පුත්තලම