රජයේ වියදමින් විදෙස් පුහුණුව සඳහා රජයේ නිලධාරීන් 813 දෙනකු මෙම වර්ෂය තුළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විදේශවල යවා තිබුණද ඔවුන්ගෙන් රජයට කිසිදු ප්‍රතිලාභයක් මේ වන තෙක් ලැබී නැති බව
විදේශීය සම්පත් දෙපර්තමේන්තු

ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍යාංශවල නිලධාරින් 104 දෙනකු, දෙපාර්තමේන්තු නිලධාරීන් 181 දෙනකු, අධිකාරිවල නිලධාරීන් 52 දෙදෙනකු, මණ්ඩල නිලධාරින් 24 දෙනකු සංස්ථා නිලධාරින් 23 දෙනකු, කාර්යාංශවල නිලධාරින් 19 දෙනකු සහ ඒකකවල නිලධාරින් 25 දෙනකු, මෙම පුහුණුව සඳහා සහභාගි වී ඇති බවත් එම නාම ලේඛනය මේ වන විට වාර්තා වී ඇති බවත් සඳහන් එම  දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
චීනය, කොරීයාව, ඉන්දියාව, ජපානය, තායිලන්තය, සිංගප්පූරුව හා මැලේසියාව  වැනි රටවලට මෙම නිලධාරින් එම පුහුණුව ලැබීමට ගොස් ඇති බවත් ඒ සඳහා රජය  විශාල මුදලක් වැය කර ඇති බවත් තවදුරටත් සඳහන් කරයි.

-නුවන් හෙට්ටිආරච්චි-