අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ මහව අඹගස්වැව ප්රදේශයේ දී ඊයේ (24) උදෑසන 8.30ට පමණ වෑන් රථයක් හා බන්ධනාගාර රැදවියන් ප්රවාහනය කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදරු පියකු සහ ඔහුගේ නැන්දම්මා මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි මහව පොලිසිය කියයි. තුවලකරුවන් මහව දිසා
රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් වැඩිදුර ප්රතිකාර සඳහා තුවාලකරුවන්ට කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව මහව දිසා රෝහලේ ප්රකාශකයෙක් කීය.
මහව කොහිලෙගෙදර ප්රදේශයේ පදිංචි දෙදරු පියකු වූ ඒ.ඒ. චමින්ද ඉරෝෂ් ඒකනායක (38) සහ ඔහුගේ නැන්දනිය වූ කේ. සුමනාවතී (58)
කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ගමන් ගත් වෑන් රියක් හා අනුරාධපුර දෙස සිට වාරියපොළ බන්ධනාගාරයට රැඳවියන් ප්රවාහනය කළ බස් රථයක් මෙසේ අනතුරට ලක්වී ඇති අතර අනතුරත් සමග වෑන් රථය පැදවූ මියගිය චමින්ද ඉරෝෂ්ගේ සිරුරට දැඩි ලෙස හානි සිදුව තිබූ බව පොලිසිය පවසයි. මියගිය එක්දරු මවගේ හිස ප්රදේශයට ද දැඩි හානි සිදුව තිබේ.
හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත රැඳවියන් දෙදෙනකු ප්රවාහනය කරද්දී මෙම අනතුර සිදුව ඇති අතර වෙනත් බන්ධනාගාර රියකින් ඔවුන් පිටත් කර යැවීමට පොලිසිය පියවර ගත්තේය. මෙම අනතුරන් සමග ගම්වාසීන් බන්ධනාගාර බසයේ රියැදුරාට පහරදීමට උත්සහ කළ අතර පොලිසිය එය වැළැක්වීමට කටයුතු කළේය. එහිදී ඔවුහු පොලිස් ජීප් රථවලට ගල්මුල්වලින් ගසමින් පොලිසිය මිනී මරුවන් ආරක්ෂා කරන බවට චෝදනා කළහ. මීට පෙර ද මෙම ප්රදේශයේ දී බන්ධනාගාර රියක ගැටීමෙන් පදිකයකු මියගිය බව ප්රදේහුවාසීහු චෝදනා කළහ. ඒ අවස්ථාවේ දී එම බස් රථය පදවා ඇත්තේ බන්ධනාගාරයේ මෙම රියැදුරාම බව ප්රදේශවාසීහු කියති. අනතුරට පත් බන්ධනාගාර රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක දමුතු ගුණසේකර මහතාගේ උපදෙස් මත රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
(මහව - සංජීව කෝට්ටගොඩ සහ පොල්පිතිගම බණ්ඩාර තල්පත්වැව)