දෙදෙනා සමග මොනරාගල
හැරගිය බිරිඳ ආපසු කැඳවා ගන්නට පොලීසිය උදව් නොකරන බව පවසමින් තමා මෙලෙස පුතුන් දෙදෙනා සමග ගසට නැග විරෝධය පළ කරන බව ඔහු සඳහන් කළේය. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතාගේ නියෝගයක් මත එම ස්ථානයට ගිය පොලිස් උප පරීක්ෂක වසන්ත ආනන්ද මහතා විරෝධතාකරුට සාධාරණයක් ඉටු කරන බව පවසා මාර ගසෙන් බිමට බස්වා ගෙන පොලීසියට කැඳවා ගෙන ගියේය. ඡායාරූපවලින් දැක්වෙන්නේ ඔහු ගසෙන් බිමට බසවා ගන්නා අයුරුයි.