https://www.gossiplankanews.com/2018/10/new-ministers-2018.html

ද 29 දිනයේ නව කැබිනට් මණ්ඩලයේ ඇමති ධූර 12 ක් පමණක් දිවුරුම් දීම සිදුවිය.ඊට අමතරව රාජ්‍ය ඇමතිවරයෙකු හා නියෝජ්‍ය ඇමතිවරයෙකුද දිවුරුම් දී ඇත.එහිදී ඒකාබද්ධ විපක්ෂයේ එකදු මන්ත්‍රීවරයෙකුට ඇමතිකම් පිරිනැමීමක් සිදු නොවීය. මෛත්‍රී සමග සිටි ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකු
යළි ඇමති ධූර සඳහා තෝරාගෙන තිබෙන අතර එජාපයේ විජේදාස රාජපක්ෂට හා ගියා ගියේ නෑ යයි විවිධ කතා ගෙතුණ වසන්ත සේනානායකට සුරේෂ් වඩිවෙල්ට ඇමතිධූර පිරිනැමීම විශේෂ සිදුවීම් විය.
දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලය


1).   මහින්ද රාජපක්ෂ: මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය
2).  නිමල් සිරිපාල ද සිල්වා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
3). ආචාර්ය සරත් අමුණුගම: විදේශ කටයුතු අමාත්‍ය
4).  මහින්ද සමරසිංහ: වරාය හා නාවික කටයුතු අමාත්‍ය
5). මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය
6). රංජිත් සියඹලාපිටිය - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
7). ආචාර්ය විජයදාස රාජපක්ෂ: අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය
8). විජිත් විජයමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
9). ෆයිසර් මුස්තාපා: පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා ඇමති
10). ඩග්ලස් දේවානන්ද: නැවත පදිංචි කිරීමේ, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය
11).  ආරුමුගම් තොණ්ඩමන්: කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය
12). වසන්ත සේනානායක: සංචාරක හා වනජීවී අමාත්‍ය

රාජ්‍ය අමාත්‍ය
1). සුරේෂ් වඩිවෙල් - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය ඇමති
1). ආනන්ද අළුත්ගමගේ - සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය