යළි ආවර්ජනය කර තිබේ.
පහත පළවන්නේ මරියසෙල් රොනී ලීච් ගැන කියූ දේවල්ය.
'රොනී උතුම් මනුස්සයෙක්. එයාගෙයි මගෙයි දැනහැඳුනුම්කම් පටන් ගන්නේ 1973 අවුරුද්දේ ඉදලා. අපි ඕස්ට්‍රෙලියාවට පිටත්ව ගියේ පසුගිය 27 වැනිදා හිමිදිරි පාන්දර.ගුවන්යානයට නැග්ග වෙලාවේ ඉඳලා රොනී කළේ චිත්‍රපට බලපු එක. ඊළඟට ඒ චිත්‍රපට ගැන කතා කළ එක.
අපිට ඕස්ට්‍රේලියාවට යන්න තිබුණේ සිංගප්පූරුවෙන් බැහැලා. ඉතිං ඒ ගිය වෙලාවෙත් එයාර්පෝට් එකේ තිබුණු සාප්පු සංකීර්ණවල ඇවිදින ගමන් කිව්වේ ආපසු එනකොට ගන්න ඕන දේවල්. විශේෂයෙන්ම ආයුර්වේදයට සම්බන්ධ ඔයිල් වර්ග අරන් යන්න ඕන කිව්වා. අතපය රිදෙන එකට මේවා හොඳයි කියලා මාව දැනුවත් කළා.
පර්ත් නුවරදි 29 වැනි සෙනසුරාදා රාත්‍රියෙදි ප්‍රසංගයට සහභාගි වුණා. ප්‍රසංගයේදී රොනී වෙනදා වගේම හොඳින් ගී ගැයුවා. නැටුවා. තවත් අවස්ථාවකදී
මම ඇත්තටම පුදුම වෙනවා. ඒ තරම් ලස්සනට එදා හිටපු විදිය මතක් වෙද්දී.
රොනී ලීච් ඉතාමත්ම සරල ගති පැවතුම් ඇති මනුස්සයෙක්. ඒක බොහෝ දෙනා දන්නවා. සන්දර්ශනයේදී මුලින්ම ගී ගැයුවේ මම ප්‍රසංගය නිම වීමට කලින් එතැනින් බැහැර වී නවතින්න වෙන්කරලා තිබුණු මහල් නිවාසයට මං ආවා. පසුවදා උදේ රොනී මට කිව්වා එයා එනකොට රෑ වුණා කියලා. ඒ වගේම ඉරිදා මුළු දවසම ඥාති ආන්ටි කෙනෙක්ව බලන්න යන්න වගේම තවත් නෑදෑ පිරිසක් හමුවෙන්න තිබෙන බව කිව්වා.
අර බලන්න ගිය ඇන්ටිගේ වයස අවුරුදු 95ක්. ඉතිං ඇයව බලලා එන්න ඕනම කියලා ගිය රොනීව ආපසු මට මුණගැසුණේ අපේ සන්දර්ශනය සංවිධානය කරපු හිතවතුන් පවත්වපු රාත්‍රි භෝජන සංග්‍රහයේදී. ඒ සාදය පැවැත්වුණේ අර්ත් රත්න විභූෂණ කියන සංගීතඥයාගේ නිවෙසේ.
මේ සාදයට ආපු රොනී හිටියේ තරමක මහන්සි ගතියකින් බව මට දැනුණා. පෙනුණා. ඒත් මං ඒ ගැන වැඩිපුර හිතුවේ නැහැ. එක දිගට මහන්සි වුණු නිසා වෙන්න ඇති කියලා මං හිතුවා.
සාදය ඉවරවෙලා අපි නැවතී සිටි නිවෙසට ආවා. ඒ ඉරිදා රෑ.' එහෙම ආපු රොනී ඊළඟට පසුවදා ලංකාවට යන්න තිබෙන නිසා බෑග් එක අස් කරන බව මම දැක්කා. රොනී දරුවන්ට වගේම බිරියට ගත්ත තෑගි තමයි ඒ විදියට පැක් කර කර හිටියේ. මේවා දැන්ම හදලා තියෙන එක හොඳයි. රොනී ඒ විදියට මා එක්ක කිව්වා.
මම නිදිමත නිසා රොනීට කියලා මගේ කාමරයට ගියා. ඒ තමයි මම රොනීව හොඳින් ඉන්නවා දැක්ක අන්තිම අවස්ථාව.
හිමිදිරියේම අවදි වුණු මං කුස්සියට ගියේ තේ කෝප්පයක් පිළියෙල කර ගැනීමට. ඒත් ඇවිද ආ සැණින් මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා. රොනී බිම වැටිලා මං ඔහු වෙත දිව ගියා.
'රොනී... රොනී' කියලා කීප අවස්ථාවක් කෑ ගසා මං කතා කළා. ඒත් කිසිදු ප්‍රතිචාරයක් ඔහුගෙන් නැහැ. කාට හරි උදව් ඉල්ලා කථා කළ යුතු නිසා මං කාමරය වෙත ගොස් දුරකථනය ගෙන කතා කළේ අපිට
'ඔහු ඉක්මනින්ම ආවා. ඒ සැණින්ම ගිලන් රථයක් එක්ක වෛද්‍ය කාර්ය මණ්ඩල කීපදෙනකුත් පැමිණියා. විනාඩි 10ක් විතර රොනීව පරීක්ෂා කර බලපු ඔවුන් අවසානයේ කිව්වා ටූූ ලේට් කියලා.'
ඇත්තටම ඒ වචනේ අහපු මගේ දෙපා පණ නැති වෙනවා වගේ දැනුණා. මම එතැනම වාඩි වුණා. එතැන ඉඳලා ටික වෙලාවක් ගතවෙනකම් මම 'බ්ලෑන්ක්' මුකුත්ම මතක නැහැ.
'අවට සිටි හැමෝම මාව ධෛර්යවත් කරන්න කතා කරනවා මට ඇහුණා. මට හිතාගන්න බැහැ මොකක්ද ඒ වුණේ කියලා. ඒක නරක හීනයක්. නරකම නරක හීනයක්. රොනීට ඇයි එහෙම වුණේ.'
ඇත්තටම මම ආපසු තනියම ඇවිත් අර විදියටම සිංගප්පූරු එයාර්පෝට් එකේ ඉන්න වුණාම මට මතක් වුණේම ආයුර්වේද බෙහෙත් බඩු ගන්න එක ගැන රොනී කියපු දේවල්. මට හිතාගන්න බැහැ, ඇයි එහෙම වුණේ කියලා. රොනී එක්ක ගිහින් මට විතරක් තනියම ලංකාවට එන්න වීම තවමත් මට අදහගන්න බැහැ.'
මම ඒ පවුලේ හිතවතියක්. මට මතක් වෙනවා රොනීගේ දුව 'කේෂියා' විවාහ වෙන වෙලාවේ ඔහු මගෙන් කළ ඉල්ලීමක්.
'උඹට පුළුවන් නම් පල්ලියට ඇවිත් ගීතිකාවක් කියපන්. ඒක තමයි මම මේ වෙලාවේ මගේ දූ කුමාරියට මම දෙන්න හිතාගෙන ඉන්න ඉහළම තෑග්ග.'රොනීගේ මේ ඉල්ලීම පිළිගත් මං එදා පල්ලියට ගිහින් ඒ ගීතිකාව ගැයුවා. ඒ ගායනය ඉවර වුණු හැටියෙ රොනී ඇවිත් 'උඹ කරපු දේ මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒක මම හැමදාම මතක තියාගෙන ඉන්නවා.' එහෙම කිව්වා.
"ඒ වගේම කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔහු ඉතා හොඳ ස්වාමිපුරුෂයෙක් හා තාත්තා කෙනෙක් කියන එක.යාළුවෙක් හැටියට වුණත් ඔහු එක්ක ගමන් බිමන් යන්න බය නැහැ. ඒ තරමටම හොඳ ගති පැවැතුම් රොනී තුළ තිබුණා."
රොනී ලංකාවෙන් පිටත්ව යද්දීත් තමන්ගේ නිරෝගීභාවය පිළිබඳව පරීක්ෂා කර බැලුවා. එහෙම වෛද්‍ය පරීක්ෂණයකට භාජන වෙලා තමයි ඔහු සැහැල්ලුවෙන් යුතුව මේ සංචාරයට සහභාගි වුණේ. ඒත් ජීවිතයේ පැවැත්ම අපි හිතනවාට වඩා ගොඩාක් වෙනස්. ඒක අපිට ඕන විදියට හරිගස්සවා ගන්න, පාලනය කරන්න බැහැ.
"මට තවම ඒක හීනයක්. විශ්වාස කරන්න බැරි අත්දැකීමක්. මාත් එක්ක හොඳින් ගමනක් ගිය රොනී ආපසු ආවේ නැහැ කියලා මම කොහොමද විශ්වාස කරන්නේ."
"රොනී බිම වැටිලා හිටියේ නිදාගෙන ඉන්නවා වගේ. කිසිම වෙනසක්, අමුත්තක් ඒ වෙලාවේ මම දැක්කේ නැහැ. අනේ තුවාලයක්වත් සිදුවී තිබුණේ නැහැ. මට ඒ දසුන මැවි මැවී පෙනෙනවා."
මරියසෙල් අවසන් වශයෙන් එහෙම කිව්වා.
සමන් ප්‍රියංකර නම්මුනිගේ