අත්අඩංගුවට ගත් සිද්ධියක් හෙට්ටිපොළින් වාර්තාවේ.
හෙට්ටිපොළ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි විදුහලක 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියගේ මව සහ පියා පවුල්
ආරවුලක් මත වෙන්වී වෙන වෙනම ජීවත් වන නිසා ඇය ආචචිගේ සහ සීයාගේ නිවසේ ජීවත් වෙයි.
ගුරුවරියන් කීප දෙනෙකු මෙම සටහන ලියූ සිසුවිය හදුනාගෙන ගුරු මණ්ඩලය සමග සාකච් ඡාකර මේ පිළිබදව පොලිසියට පැම්ිනිලි කර ඇත. ඒ අනුව සිවිල් ඇදුමින් සැරසුණු කාන්තා පොලිස් නිලධාරිනියක් පාසලට යවා එම සිසුවිය හමුවී කාරුණික ලෙස විස්තර විමසද්දී සීයාගේ හිතවතකු නිවසට පැමිණෙන බවත් ඔහු තමාව ලිංගික හිරිහැර කරන බවත් සිසුවිය ඇයට පවසා ඇත.
මොහුයෙන් සිදුවන හිරිහැර ඉවසා සිටීමට නොහැකි නිසා මෙවැනි ලිපියක් ලියා පැමිණිලි පෙට්ටියට දැමූ බව ද සිසුවිය පවසා ඇත. මෙම බාල වයස්කාර සිසුවිය හෙළි කළ නොරතුරු මක පරික්ෂණ පවත්වා හෙට්ටිපොළ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු මාස 10 ක පමණ කාලයක සිට වරින් වර නිවසට පැමිණ කිසිවකු නොමැති අවස්ථාවල දී සිසුවිය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව තොරතුරු අනාවරණය වී ඇත.
ලිංගික අපයෝජනයට ලක්වූයේ යැයි පැවසෙන සිසුවිය වෛද්‍ය පරික්ෂණයකට ලක්කිරීමට රෝහල්ගත කර තිබේ.වැඩිදුර පරීක්ෂණ සිදුවේි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය