මෙලෙස දිය පහරට හසුව අතුරුදන්ව ඇත්තේ 11 වසරේ
ගම්පහ ප්රදේශයේ ප්රධාන පෙළේ පාසලක පැවති ප්රදර්ශනයක් නැරඹීමට ගොස් ජා-ඇල තුඩැල්ල ප්රදේශයේ ප්රසිද්ධ පාසලක සිසුන් 4දෙනකු ආපසු සිය නිවාසවලට එන අතරතුරදී මෙම සිසුන් සිවු දෙනා දිය නෑමට කථිකා කරගෙන මාකවිට ගල්වැටිය වේල්ලට ගොස් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.
සිසුවා අතුරුදහන් වී ඇති ජලාශයේ නාවික හමුදා කිමිදුම් නිලධාරීන් හා ප්රදේශයේ ජනතාව සොයා බැලීම් කළද ඊයේ (14දා) සචස් වනතුරුම සිසුවා සොයා ගැනීමට නොහැකි විය. සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහු සමග දිය නෑමට ගිය සිසුන් ගම්පහ පොලීසිය ප්රකාශ සටහන් කරගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.