ලෝක උරුම සීගිරි පර්වතයේ පිහිටා ඇති සීගිරි බිතු සිතුවම් සහ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත නව තාක්ෂණය යොදා ගෙන ලේසර් කිරණ මගින් ත්‍රිමාණ ප්‍රතිරූපකරණ පිටපත්කරණය කිරීමේ වැඩපිළිවෙළක්
මේ දිනවල ආරමිභ කර ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කරයි.

ජර්මනියේ පිහිටි 'Bamberg' විශ්වවිද්‍යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කැලණිය විශ්වවිද්‍යාලය එක්ව මෙම ක්‍රියාවලිය සිදුකරන බව ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් මධ්‍යම සංස්කෘතික අරමුදල සිටි බව පැවසීය.

බිතු සිතුවම් සහ කුරුටු ගීත ලේසර් තාක්‍ෂණය යොදාගෙන පිටපත් කිරීම සිදු කෙරෙන බැවින් ජනතාව දැනුවත් කරමින් එය සිදු කිරීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කරයි.  විෂය භාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, කැලණිය විශ්වවිදලායේ හිටපු මහාචාර්ය බී.ඩී. නන්දදේව, ජර්මනිය විශ්විදනලයේ ආචාර්යවරයෙකු වූ මෙම ත්‍රිමාණ සිදු කරන විශේෂඥ ආචාර්ය max rahrig යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.


ලෝකයේ විවිධ ස්ථාන මෙන්ම ශ්‍රී  ලංකාවේ දළදා මාලිගාවේද මෙයාකාරයෙන් ත්‍රිමාණ ලේසර් කිරණ මගින් ප්‍රතිරූපණය කළ බවත්, එහිදී බිතුසිතුවම්වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් කටයුතු කරන බවත් මහාචාර්ය නන්දදේව මහතා පැවසීය.

මෙම ලේසර් කිරණ මගින් බිතුසිතුවම්වල සහ කැටපත් පවුරේ ඇති සියලු ස්ථාන ත්‍රිමාණ රූප ආකාරයෙන් පිටපත් කිරීම සිදු කෙරෙන බවත්, එහිදී ගලේ සිදුවන විනාශකාරී දේ හා වෙනස්වීම් අනාවරණය කර ගැනීමටත්, ඉදිරියේදී  යම්කිසි හානියක් සිදුවේ නම් එය හඳුනා ගැනීමත් මෙමගින් හැකි වන බව හෙතෙම සඳහන් කළේය.

කැටපත් පවුරේ  මෙම ලේසර් කිරණ   මගින් ලබාගන්නා ප්‍රතිරූපකරණයේදී ඇතැම් විට කියවා ගැනීමට නොහැකි සියුමි
ස්ථානවල ඇති කුරුටු ගීත පවා කියවා ගැනීමට උපකාරී වනු ඇතැයිද හෙතෙම පැවසීය.  එමෙන්ම මෙහිදී ලබාගන්නා සජීවී පිටපත් සීගිරි පව්වට නැගීමට නොහැකි ආබාධිත අය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට හැකිවනු ඇතැයිද මහාචාර්යවරයා පවසා  සිටියේය.

මෙම ත්‍රිමාණ ලේසර් කිරණ මගින් බිතුසිතුවම්වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයකින්

ජර්මන් තාක්‍ෂණය යොදාගෙන සිදු කරන බවද හෙතෙම පැවසීය.

විශේෂයෙන්ම රහසිගතව මේවා සිදු නොකොට ජනමාධ්‍යයට දැනුම් දීමෙන් සිදු කරනු ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මෙහිදී අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසා සිටියේ සීගිරියේ පමණක් නොව ආරක්ෂා විය යුතු ස්ථාන, ලෙන් චිත්‍ර ආදිය ආරක්ෂා කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම මෙම ත්‍රිමාණ ලේසර් කිරණ මගින් ප්‍රතිරූපකරණය සිදුකරනු ලබන්නේ රාත්‍රී කාලයේ බව ඔවුහු පවසති.

සීගිරි බිතුසිතුවම් ඇති ගුහාව සහ කැටපත් පවුර ජර්මන් ජාතික කණ්ඩායම සහ පුරාවිද්‍යා කණ්ඩායම් මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම් එක්ව මෙය සිදුකරන බවද මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ සඳහා රුපියල් මිලියනයක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් වෙන් කරවා තිබෙන බවත්,

එමෙනම තවත් විශාල මුදලක් ජර්මන් ආයතනයක් මහින් ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය. මෙම ත්‍රිමාණ ඡායාරූප ගන්නා ආකාරය සහ ලේසර් කිරණ මගින් සිදුකරන ආකාරය කුමක්ද යන්න දැක බලා ගැනීම සඳහා මාධ්‍යවේදීන්ට සීගිරීය කැටපත් පවුර සහ බිතුසිතුවම් ගුහාවට පිවිසිය හැකිදැයි මාධ්‍යවේදීහු මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළහ.  එහිදී හෙතෙම පවසා සිටියේ, එම අවස්ථාවට මාධ්‍යවේදීන්ට ගමන් කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත්, එහිදී සිදුකරන ලද කරුණු පිළිබඳ පහළට පැමිණ අවශ්‍ය නම්, මාධ්‍ය දැනුවත් කළ හැකි බවත්ය.

ජර්මන් ජාතික මහාචාර්ය max rahrig මහතා ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාවලියන් ප්‍රතිරූපකරණය පිළිබඳ මෙහිදී දැනුවත් කිරීම්සක්ද සිදු කළේය.