අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැළැස්මක් සැකසීමට 14 දෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායමක් ඔක්තෝබර් 11 වන දින සිට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතු වල නියැලුණි.
ඒ අනුව වන ජීවී දෙපාර්තමේන්තුවේ හා දුම්රියේ අලි ගැටීම් වැළැක්වීමේ කණ්ඩායමක් මෙම නිරීක්ෂණ කටයුතු සිදු කළේ දුම්රිය මොටර් ට්‍රොලියක් භාවිතා කරමිනි. ඒ අනුව පසුගිය අලින්ගේ හැසිරිම් පිලිබද ලබාගත් දත්ත අනුව දුම්රිය අලි ගැටිම් වැලැක්විම සදහා නිර්දේශයන් 05ක් ලබාදී තිබේ.
මාර්ගය දෙපස කදුගැට සහිත ස්ථානවල අලි ඇතුන්ට මාරුවීම සදහා උඩින් මාර්ග ඉදිකිරිමත් (Over pass) දුම්රිය පාලම් සහා බෝක්කු සහිත ස්ථාන තුලින් අලි ඇතුන්ට මාරුවීම සදහා දැනට තිබෙන බාධා ඉවත්කොට මාර්ග ඉදි කිරිමත් (Under Pass) දුම්රිය මාර්ගයට අලි ඇතුන් ඇතුල්වන ස්ථාන සදහා විදුලිවැට,
රේල්පීලි යොදා බාධාවන් යෙදීම සහ පුර්ව අනතුරු ඇගවීමේ සංඥා පද්ධති සවි කිරිමත් එම යෝජනා වෙයි.
ඉදිරියේදී මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බව අමාත්‍යංශ ආරංචි මගින් පැවසේ.