කාන්තාවගේ අනියම් සැමියාත් පොලිස් ස්ථානයට පැමිණිමේ පුවතක් අනුරාධපුර මුලස්ථාන පොලිසියෙන් වාර්තා විය. අනුරාධපුර පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 50ක් පමණ වූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියතව සිටින අතර සැමියාගේ ආදරය, නොලැබීම නිසා ඇය අනියම් ඇසුරක් පවත්වන බව පැමිණිල්ල විභාග කිරිමට මනන් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.
සිය සැමියා නිවසේදී පහර දෙමින් අපහාස කරමින් නිරන්තරයෙන් අඩන්තේට්ටම් කරන බව පවසමින් කාන්තාව පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ
" ඇත්තද මේ කියන්නේ ? විවාහක බිරියගේ ඕනෑ එපාකම් බලන්න ඕන. ගහ මරාගෙන හරි යන්නෑ" යනුවෙන් පොලිස් නිලධාරියා සැකකාර සැමියාට පැවැසුවේය. "නෑ සර් මේ මනුස්සයා මං ගැන බලන්නැ. ඔය ඇවිල්ලා ඉන්න මිනිහාව තමයි ලොකු. සර් ඒ මිනිහට මේ මනුස්සයව අරගෙන යන්න කියන්න. මට එපා ඔය මනුස්සයාව" යනුවෙන් සැමියා බිරිය ප්‍රතික්ෂේප කළ අතර පොලිස් ස්ථානයට ගාල ගෝට්ටියක් බවට පත්විය. "දැන් තමුන්ට නෝනව එපාද?" පොලිස් නිලධාරී සැකකාර සැමියාගෙන් විමසුවේය. "එපා සර් මට එපා ඔය මනුස්සයාව" යනුවෙන් ඔහු පැවැසුවේය.
මේ අවස්ථාවට තුන්වන පර්ශවය ලෙස පැමිණි පැමිණිලිකාරියගේ අනියම් සැමියා වහාම කියා සිටියේ "එයාට එපා නම් මට දෙන්න. මට කිසි ප්‍රශ්නයක් නෑ. මම එයාව අරගෙන යන්නම්" යනුවෙනි. "මට ඔය කවුරුත් එක්කවත් යන්න ඕන නෑ සර්. මට රස්සාවක් තියෙනවා. මම කුලියට කාමරයක් අරගෙන තනියම ජීවත් වෙනවා. පිරිමි කියන හැම දෙනාම එකයි සර්" යනුවන් පැවැසුවාය. තිදෙනා අතර පවතින ගැටලුව කෙසේ හෝ සමථයකට පත් කිරීමට පෙලිස් නිලධාරීයා දැඩි උත්සහයක නිරත වුවත් කාන්තාව සැමියා සමග නැවත ජීවත් වීමට කිසිදු අවශ්‍යතාවක් නැති බව පවසමින් සමථය ප්‍රතික්ෂේප කළේය.
මේ කාත්තාවගේ අනියම් සැමියා බව කියන පුද්ගලයා ඇයට සෙනෙහසක් දක්වන බව පොලිසියට හැගී ගොස් තිබූ අතර ඔහුට යමක් කමක් තිබෙන පුද්ගලයකු බවද පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. පැමිණිලිකාරියගේ සැමියා හා අනියම් සැමියා වයස අවුරුදු 58-60ත් අතරේ පසුවන පෙනුමැති පුද්ගලයන් විය.
-මහේෂ් විජේසුරිය-