සිය සැමියා විසින් ඇගේ මව මරා දමා ඇගේ අත් දෙක කපා දැමීම නිසා අසරණ වූ කාන්තාවක් විසින් තමන්ට සිදු වූ අසාධාරණයක් සඳහා පොලිසියෙන් ඉල්ලා ඇත. එයට යහපත් ප්‍රතිඵලයක් නොලැබීම නිසා විසඳුමක්
ලබා නොදීමට එරෙහිව එම කාන්තාව තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රිපාල සිරීසේන මහතාට පැමිණිලි කර ඇත. තිස් දෙහැවිරිදි ඩී. එම්. එස්. නිසංසලා නමැති මෙම කාන්තාව අනුරාධපුර අනුකටියාව පාර පරසන්ගස්වැව පදිංචිකාරියකි. ඇය එක් දරු මවක් වන අතර සිදු වූ විපතින් පසු
ඇය තමන්ට සිදු වී ඇති විපත පිළිබඳ මෙසේ පැවසීය.
බීමත් සැමියා විසින් 2014 වසරේදී මගේ අම්මා මරලා මගේ අත් දෙක කපා දැමීමෙන් පසු අපි අසරණ වුණා. මගේ නංගි තමා මාව රැක බලාගෙන ඉන්නේ. සැමියා පොලිස් අත්අඩංගුවට පත්ව රීමාන්ඩ් බන්ධනාගාරගත වුණා. මේ කාලය තුළ ජීවත් වීම සඳහා තිබුණ දේවල් විකුණා නැඟණිය සමඟ ආදායම් මාර්ගයක් සකසා ගැනීමට සිතා ත්‍රිරෝද රථයක් මිලට ගෙන සුලු වෙළඳාමක් කරගෙන ගියා. මේ අතර මීට මාස දෙකකට පමණ පෙර සැමියා ඇප ලබා පැමිණීම නිසා ඔහු යළි බිමත්ව පැමිණ අපි මරා දමයි යන සැකය නිසා අපි නිවස වසා දමා තැන තැන සැඟවි ජීවත් වුණා. එක් දවසක් ඔහු මගේ නංගිට බෙල්ලට කෙටුව නංගි දෙයියෝ බේරලා දුන්නේ. අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර කරලා ඇය දැන් ටිකට් කපාගෙන ආවා. මේ සිද්ධියෙන් පස්සේ සැමියා ගෙල වැළලා ගෙන මැරුණා.
-එම්.එම්.පී.ජී.පෙරේරා-