https://www.gossiplankanews.com/2018/11/15-mahinda-statement.html
ද දින පාර්ලිමේන්තු රැස්වීමේදී  විශ්වාසභංගයක් සම්මතවී සිය තනතුර අභියෝගයකට ලක්ව සිටින අගමැති මහින්ද රාජපක්ෂ හෙට 15 පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බව වාර්තාවේ.
අගමැතිවරයා හෙට විශේෂයෙන් සභාව ඇමතීම පිළිබඳව
වාසුදේව නානායක්කාර ඇමතිවරයා අද රාත්‍රි 7.30 ට පමණ මාධ්‍ය වෙත තහවුරු කළේය.
අද 14 පාර්ලිමේන්තුවේ පැවති විශ්වාස භංග යෝජනාවට මහින්ද රාජපක්ෂට එරෙහිව අත්සන් 122 ක් යොමු කිරීමට විපක්ෂ මන්ත්‍රීවරුන් ක්‍රියාකර තිබුණි.

එසේම මහින්දගේ පාර්ශ්වයට එක්වූ බවට කථා පැතිරුණ හා මහින්ද රජයේ ඇමති ධූර දැරූ කිහිප දෙනෙකුද අද විපක්ෂය වෙත ගිය අතර ඒ අනුව බහුතරය පිලිබඳ බරපතල අවුලකට පත් විය.

උදෑසනින්ම පාර්ලිමේන්තුව කල් දමාගැනීමට දිනේෂ් ගුණවර්ධන නව සභානායකවරයා උත්සාහ කල මුත් එය ව්‍යවර්ථ වූයේ ජවිපෙ ගෙනවිත් තිබූ විශ්වාසභංගය නිමිත්තක් වූ නිසාය. කෙසේ වෙතත් ස්ථාවර නියෝග නොතකමින් එය ඉදිරිපත් කළ නොහැකි බවට දෙවැනි බාධාවද මහින්ද පක්ෂපාතීන් විසින් සිදු කළත් පසුව සරලව යෝජනා ස්ථිරත්වයෙන් ස්ථාවර නියෝග බාධාව ඉවත් කර විශ්වාසභංගයට ඡන්ද විමසීමට කතානායක වරයා අවස්ථාව සලසා ගත්තේය.

නමුත් නොහික්මුණ ලෙස සභාවෙන් නැගිට පිටතට ගිය පිරිස් හා සභාව මැද කලහ කරගත් පිරිස් නිසා විධිමත් ලෙස ඡන්ද විමසීමක් කරන්නට කතානායකට බැරිව ගිය අතර එම අවස්ථාවේ ඔහු කටහඩ අනුව බහුතරය දන්වා සිටිමින් විශ්වාසභංගයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පරාජයට පත්ව ඇති බව දන්වා සිටියේය.
මෙයට අමතරව 122 ක අත්සනින් යුතු ලියවිල්ලක්ද කතානායක භාරයේ තිබුන අතර ඔහු මේ සියලු විස්තර ජනපතිවරයා වෙත දැනුම් දී බහුතර විශ්වාසය ඇති ආණ්ඩු පක්ෂයක් තෝරන්නට අවස්ථාව ජනපති වෙත පවරා තිබේ.

අද 14 රාත්‍රී 8 වනතුරුත් ජනපතිවරයාගෙන් මේ සම්බන්ධ ප්‍රතිචාරයක් නොවූ අතර අඩු තරමින් එජාප නියෝජිතයකු සමග සාකචඡාවක් හෝ පවත්වන්නට ජනපතිවරයා උනන්දුවූ බවක් වාර්තා නොවීය.
 වාසුදේව ඇමතිවරයා දන්වා සිටියේ කතානායක එවූ ලිපිය ජනපති පිළිගෙන නැති බවයි.
මේ අතර ආණ්ඩු පක්ෂ කන්ඩායමේ විශේෂ රැස්වීමක් අද ජනපති ලේකම් කාර්යාලයේ පැවති අතර එය අවසන්ව යන අතර එස්බී ඇමතිවරයා කියා සිටියේ අපි දිගටම ආන්ඩුව ගෙනියනවා. බහුතරයක් විමසන්න කතානායක කවුද ලෙසිනි.
බහුතරය පෙන්වන්න හැකිදැයි මාධ්‍යවේදියා විමසූ විට ඇමති එස්බී කියා ඇත්තේ අද ටීඑන්ඒ 6 කුත් බදුයිදීන්ගේ අයත් ආවෙ නෑ. ඒක ඉස්සරහට බලමු ලෙසිනි.
මෙවැනි තත්වයක් යටතේ අරාජක තත්වයක් නැවත නිර්මාණය වී තිබේ. ජනපතිවරයා ඊයේ අධිකරණය මගින් ගැසට්ටුව අත්හිටුවීම නැවත විභාග වන
දෙසැම්බර් 7 වනදාට පසු දිනයක් දක්වා පාර්ලිමේන්තුව කල්තබන බවටද ආරංචි පැතිර තිබේ.
කෙසේ වෙතත් හෙට 15 පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ කතාවක් සිදුකර කරන්නට යන්නේ කුමක්දැයි පැහැදිලි නැත.ඔහු ඉල්ලා අස්වීමට හෝ සහය ඉල්ලා සිටීමට හෝ පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බහුතර අවසරය ඉල්ලා සිටීමට ඉඩ තිබේ.