ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බ්‍රහස්පතින්දා (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවා ඇති
විශ්වාසභංගයට සහාය පළ කළ

පක්ෂ නායකයින්ගේ හමුවට සහභාගීවීම ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළ බවයි.

මෙම රැස්වීමට විශ්වාසභංගයේදී සහාය පළ කළ අනෙක් පක්ෂ වලටද ආරාදනා කර තිබෙන අතර ඔවුන් සහභාගී නොවන බව දන්වා නැත.