අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු රජයට එරෙහිව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයට සහාය පළකළ පක්ෂ
නායකයින් සියල්ලටම 15 බ්‍රහස්පතින්දා උදෑසන

පාර්ලිමේන්තුව ඇරඹිමට පෙර ජනපති හමුවන්නැයි ආරාධනා කර තිබූ අතර එම හමුව මුලින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කළ අතර රාත්‍රී වාර්තා වූයේ එය එජාපය හා අනෙකුත් පක්ෂ සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බවයි.
හිටපු ඇමති රාජිත සේනාරත්න දන්වා ඇත්තේ කතානායකගේ ලිපියට පිලිතුරු ලෙස ජනපතිවරයා රාත්‍රී නිකුත් කළ ලිපිය දැකගැනීමෙන් පසු ජනපතිගේ ස්ථාවරය පැහැදිලි බවත් ඒ නිසා හමුවීම පලක් නැති බව තීරණය කළ බවත්ය.
එජාපය ඒ අනුව හෙට උදෑසන ජනපති හමුනොවන අතර අනෙක් පක්ෂද එය අනුගමනය කරන බව දන්වා ඇතැයි හිටපු ඇමති රාජිත දන්වා ඇත.