https://www.gossiplankanews.com/2018/11/16-gov-services-issue.html#more
ළැඹ තිබෙන අවුල් සහගත වාතාවරණය තුළ අද හෙට රටේ සිදුවන්නේ කවරක්ද යන්න සිතාගන්නට බැරි තත්වයක් මේ වනවිට උදාවී තිබේ. දැඩි මතයක සිටින ජනපතිවරයෙකු හා පීඩිනයක සිටින දේශපාලන කණ්ඩායම් අතර ඝට්ටනයක් නිසා
කාර්යාල කටයුතු ජනජීවිතය පවා අවුල්ව ඇත.
රාජ්‍ය සේවය මේ අතරින් වැඩිපුරම බැටකන සේවාව බවට පත්ව ඇත. ඔක්තෝබර් 26 වනදා සිට රජයේ හා අර්ධ රජයේ කාර්යාල කටයුතු වලට අඩුවැඩි වශයෙන් විවිධ විපර්යාස සිදුවිය. දේශපාලනය මුල්බැසගෙන තිබෙන ඇතැම් සේවාවන් තුළ

තත්වය දරුණු විය.

මේ අතර ඊයේ(14) විශ්වාස භංගයකින් අගමැති ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය පරාජයට පත්වූ පසු කොටසක් සිතන්නේ දැන් රජයක් නැතිය කියාය. තවත් කොටසක් තවම රජය වෙනස් නොවූ බව කියති. මෙම කඹ ඇදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස ජනතාවට සිදුවන දෙය ගැන අවබෝධයක් නැතිව ගොස් ඇත,

විධායකය විසින් අධිකරණයට හා ව්‍යවස්ථාදායකය යන දෙතැනටම ඇති කර තිබෙන බලපෑම් හමුවේ පීඩාවට පත්ව ඇත්තේ දේශපාලනය ගැන උවමනාවක් ඇති අය පමණක් නොව කවුරු හිටියත් අපට එකයි කියා ජීවත්වන අසරණ ජනතාවද මෙම අවුලට මැදිව ඇත.

ඊයේ (14) විශ්වාසභංග ජයග්‍රහණයෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී දන්වා තිබුනේ අද 15 කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණවලට එක්වන ලෙසත් අනතතුරුව හෙට 16 සිකුරාදා සිට ඔක්තෝබර් 26 ට පෙර තමතමන්ට හිමි අමාතයංශවලට ගොස් යලි රාජකාරී අරඹන ලෙසත්ය.
අධිකරණයේ හා පාර්ලිමේන්තුවේ තීන්දු අනුව ජනපති තීරණයන් සියල්ල අහෝසිවී ඇති නිසා මේ ආකාරයට පෙර තනතුරු බලපැවැත්වෙන බව එහිදී කියැවිණි.

හෙට 16 වනවිට කරුණු එසේ සිදුවේ නම් ඇතිවිය හැකි තත්වය දරුණුය. දැන් පත්කර ඇති ඇමතිවරුන්ගේ ගෝලයින් හා පැරණි ඇමතිවරුන්ගේ ගෝලයින් අතර ගැටුම් ඇතිවීමටත් මින් ඉහත තෙල් සංස්ථාවේ සිදුවූ ආකාරයේ අවාසනාවන්ත තත්වයන් ඇතිවීමටත් ඉඩකඩ තිබේ.
මෙම අවුල කවුරුන් හෝ විසඳිය යුතුය. බල ලෝභය තනතුරු ලෝභය තවදුරටත් රටට වැඩක් ඇති දේවල් නොවේ.