විශ්වාසය භංග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත විමෙන් පසුව පසුගිය 26 වැනිද සිට ව්‍යවස්ථා විරෝධී ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරගෙන සිටි අග්‍රාමාත්‍යවරයා යැයි කියන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ
කැබිනෙට්ටුව සම්පූර්ණයෙන්ම අහෝසි වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර පවසයි.
ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය අනුව

පාර්ලිමේන්තුවේ විසර්ජන පනතක් හෝ විශ්වාසභංගයක් පරාජය විමත් සමග ස්වයංව ඒ පදවිය අහෝසි වන බවත් ඒ අනුව මහින්දගේ කැබිනට් මණ්ඩලයත් විසිරී අවසන් බව පෙන්වා දුන් ඇමතිවරයා 15 වනදා මහින්ද රාජපක්ෂ විශේෂ කතාවක් කර ඉල්ලා අස්වීමක් පවා අවශ්‍ය නොවන බවත් ඔහු අගමැතිවරයෙකු නොව දැනට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී පමණක් බවත් ප්‍රකාශ කරයි.
 ජනපතිවරයාගේ අනුමැතියක් පවා මෙයට අවශ්‍ය නැති බවත් ඔහු පෙන්වාදෙයි.

 හෙට (15) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශ කිරිමට හෝ ආණ්ඩු පක්ෂයේ අසුන් වල රැදීම මහින්ද රාජපක්ෂට සම්පූර්ණයෙන් තහනම් වන බවත් ඔහු පවසයි.
මෙම සියල්ල සිදුවූ පසුවත් ඉදිරියේදි බලයේ සිටින්නට හදනවා නම් එම නීතිවිරෝධිව බලහත්කාර කමට එරෙහිව දැඩි ලෙස විරෝධය පළකරන බවද දන්වා ඇත.

මංගල පෙන්වාදෙන වගන්තිය පහතින්