රටේම අවධානයක් යොමුව පවතී.
ජනපතිවරයා නව සැසිය ආරම්භ කරන දිනය ලෙස ලබන 16 වැනිදා දක්වා නම් කර තිබෙයි.
කෙසේ වෙතත් ඊයේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විද්වතුන් සමග සාකච්ඡාවකදී වැරදීමකින් මෙන් 5 වනදා කැඳවනු ඇති බවට ඉඟි කළ අතර මෙම ආරංචියද ළැව්ගින්නක්
අයවැය ලේඛනය වෙනුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමේ කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ චනවිට සකස් කෙරෙමින් පවතින අතර එය අවසන්වූ වහාම පාර්ලිමේන්තුව කැඳවනු ඇතැයි එම ආරංචිමාර්ග කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ
(01) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී පාර්ලිමේන්තුච සැසිවාරය කලින් කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡාවී ඇත. මෙම
පාර්ලිමේන්තුව ලබන 16 වැනිදාට පෙර කැඳවීමට තමා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයාද එහිදී පක්ෂ නායකයින්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ඊයේ පැවති විද්වත් හමුවේදී මහින්ද රාජපක්ෂ ඉඟි කර තිබුනේ පාර්ලිමේන්තුවේදී අගමැති කවුදැයි ඡන්දයක් නොව තමන්ගේ අයවැය පිළිබඳ ඡන්දයක් එන අවස්ථාවේ එජාපයට අවශ්‍ය නම් එය 113 කින් පරාජය කර මහමැතිවරණයකට යනු ඇති බවත් එයද තමාට ජයග්‍රහණයක් බවත්ය.