පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් සවස 4 දක්වා අවසන් තිරණයක් ගෙන නොමැති බව වාර්තාවේ. ඒ බව ජනපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් බී.බී.සී. සිංහල සේවයද වාර්තා කර තිබේ.
අද විද්වත් හමුවක් අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනපතිවරයා ලබන 05 දා පාර්ලිමෙන්තුව කැඳවීමට තීරණය කර ඇති බවයි.
නමුත් ජනපති මාධ්‍ය අංශය තවම එය තහවුරු කර නැත.
පාර්ලිමේන්තුව නොවැම්බර් 5 හෝ 7 විවෘත කරන ලෙසට ඉල්ලීමක් කර ඇතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැතැයි කතානායක කාර්යාලය සඳහන් කළේය.
පාර්ලිමේන්තුව සැසි වාරය නොවැම්බර 16 දා දක්වා කල් දැමිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබූ අතර එය වෙනස් කිරීම නිල වශයෙන් දැනුම් දිය යුතුවන්නේ ජනපති විසින්ය.