එංගලන්ත කණ්ඩායම සමඟ කොළඹ - එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා ආරම්භවීමට නියමිත තුන්වන
ටෙස්ට් තරගය

සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතයට ධනුෂ්ක ගුණතිලක නැවත කැඳවා තිබෙයි. පසුගිය කාලයේ විදෙස් කාන්තාවක් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ඔහු විනය ගැටලුවකට ලක්ව සිටියේය.
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට ධනුෂ්ක මේ අනුව ක්‍රිඩා කරනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය වෙනුවට නිශාන් පීරිස් තුන්වන ටෙස්ට් තරගය සදහා කැදවා ඇත.