ඉදිරි මැතිවරණය සඳහා  රූප රැජිණි තරගයක් ජයග්‍රහණය කළ අලුත් මුහුණක් තරග වැදීමට නියමිත බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ. දේශය පුවත්පත දක්වා තිබෙන ආකාරයට නිර්මල හදවතක් ඇති දේශපාලකයාගේ ළඟ හිතවතියක ලෙස සැලකෙන මේ තැනැත්තිය ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වදිනු ඇත.
පුවත්පතේ සටහන පහතින්
-------------
'දේශපාලනේට බර රූප සුන්දරියක් ඉන්නවා... එයා දේශපාලනේට බරය කියලා කියනවනේ හොඳ බරසාර දේශපාලුතුමෙක් ළඟින්ම ආස්සරේ කරන නිසාය කියලයි තතුදත් අය කියන්නෙ...
දකුණෙන් කොළඹ ඇවිත් පසුගියදා

ලෝක රූප සුන්දරී තරගයකිනුත් කප්එක අරන් රටට නම්බුවක් ගෙනත් දුන්න මේ රෑප සුන්දරියට දේශපාලන උණුසුම - රස්නෙ දැනිලා තියෙනවා...
ඊළඟට එයාට අලුත් අදහසකුත් පහළ වෙලා ඒ කොළඹට කිට්ටු දිස්තිරික්කෙකින් ඡන්දෙ ඉල්ලන්නලු. මෙයා තෝරගෙන තියෙනවනෙ. “පබා” පත්වුණ දිස්තිරික්කෙ කියලයි ආරංචි... මෙයා රූප සුන්දරියක් නිසා ජනතා ආකර්ෂණය ඉහළම මට්ටමින් ලැබෙන හින්දා එයා පොහොට්ටුවෙන් කවුන්සිලේට එන්නැයි සූදානම...
ඒත් ඉතින් මෙයාට මෙච්චර දුරක් එන්න මගපෙන්වපු නිර්මල හදවතක් තියෙන දේසපාලුතුමානම් ඒකට ඒ හැටි මනාපයක් නැතිලු...
එයා කියන්නෙ නොදන්න වෙදකමට වඩා දන්න වෙදකම කරන් ඉන්න එක හොඳයි කියලලු.'